×

දේශගුණික අර්බුද නිසා යෞවනයින්ට වන සියළු පීඩාවන්ට රජය වග කිව යුතුයි – ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

කෙසේ වෙතත් විනිසුරු මොඩෙසෙයි බ්‍රොම්බර්ග් පවසන්නේ එරට පරිසර අමාත්‍යවරිය වන සුසෑන් ලේ විසින් මේ සම්බන්ධව තීරණ ගැනීමේදී වයස අවුරුදු 18ට අඩු කිසිවෙකුට කිසිදු හානියක් නොවන පරිදි තීරණ ගත යුතු බවයි.


ඕස්ට්‍රේලියානු අධිකරණය මෙම නියෝගය එරට රජයට කරනු ලබන්නේ රජය විසින් ක්‍රියාත්මක කරන්නට නියමිත ගල් අගුරු ව්‍යාපෘතියකට විරුද්ධව එරට පාසැල් සිසුන් සහ කන්‍යා සොයුරියක විසින් ගොනු කළ නඩුවක තීරණය ලබා දෙමිනි. ඒ අනුව ගල් අගුරු ව්‍යාපෘතිය හේතුවෙන් තරුණ පරපුරට කිසිදු අයුරක හානියක් හෝ මරණයක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම එරට රජය විසින් දැරිය යුතු බව එරට අධිකරණය නියෝග කරන ලදී. ඕස්ට්‍රේලියාවේ නිවු සවුත් වේල්ස් හී වයිට් හෙවන්ස් නැමති ගල් අගුරු ව්‍යාපෘතිය විසින් අරඹන්නට සැරසෙන නව ව්‍යාපෘතියක් නවතමින් වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා මෙම නඩුව එරට පාසැල් සිසුන් විසින් ගොනු කළද එය ප්‍රතික්ෂේප කරමින් අධිරණය විසින් අදාළ නියෝගය සිදු කරන ලදී.

කෙසේ වෙතත් විනිසුරු මොඩෙසෙයි බ්‍රොම්බර්ග් පවසන්නේ එරට පරිසර අමාත්‍යවරිය වන සුසෑන් ලේ විසින් මේ සම්බන්ධව තීරණ ගැනීමේදී වයස අවුරුදු 18ට අඩු කිසිවෙකුට කිසිදු හානියක් නොවන පරිදි තීරණ ගත යුතු බවයි. ගල් අගුරු කර්මාන්තයේදී සිදු වන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය හේතුවෙන් කිසිදු දරුවෙකුගේ සෞඛ්‍යට හාන නොවිය යුතු බවට මෙහිදී අවධාරණය කෙරිණි. පරිසර උෂ්ණත්වය ඉතා සීග්‍රායන් වැඩි වීඹට හේතු පාදා ඇති දේශ ගුණික විපර්යාස හේතුවෙන් දරුවන්ට හානි සිදු වීම ඉතා ඉහළ මට්ටමක පවතින බව විනිසුරුවරයා විසින් සිය ප්‍රකාශයේදී තව දුරටත් පැහැදිලි කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි