×

වියට්නාමයේදී ත්‍රස්තවාදී චෝදනාවට ලක්වූ ඕස්ට්‍රේලියානු පුරවැසියකුට වසර 12ක සිර දඬුවම්.

70 හැවිරිදි ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට ත්‍රස්තවාදී චෝදනා මත වියට්නාම උසාවිය වසර 12 ක සිර දඬුවමක් නියම කර තිබේ


70 හැවිරිදි ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට ත්‍රස්තවාදී චෝදනා මත වියට්නාම උසාවිය වසර 12 ක සිර දඬුවමක් නියම කර තිබේ. විශ්‍රාමික බේකරිකරුවකු වන චෞ වැන් ඛාම්, වියට්නාම රජය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන වියට් ටැන් නම් මානව හිමිකම් කණ්ඩායමට අයත් වූවකු බව සොයාගෙන ඇත.

කණ්ඩායම සඳහා සාමාජිකයන් බඳවා ගැනීම, රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීම සහ ඕස්ට්‍රේලියාවේ වියට්නාම් විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ වීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

උසාවියේදී ඔහු කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් කිරීම ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ නීතිඥයා පැවසීය. “ඔහුගේ ක්‍රියාකාරකම් සාමකාමී විය”යැයි ඔහු පවසා සිටියේය.

වියට්නාම් යුද්ධයෙන් පසු බෝට්ටුවකින් සිය මව් රටින් පලා ගොස් 1983 දී ඕස්ට්‍රේලියාවට පැමිණි චෞ වැන් ඛාම් සිර දඬුවමෙන් පසු පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි