×

මිය ගිය කැස්බෑ පැටවෙකුගේ කුස පිරෙන්න ප්ලාස්ටික්

වාර්ෂිකව මුහුදට මුදා හැරෙන ටොන් මිලියන දහයකට වඩා ප්‍රමාණයක් අවසානයේ නතර වන්නේ බොහෝමයක් මුහුදු ජීවීන්ට මරණය අත් කර දෙමිනි.


ප්ලාස්ටික් සහ පොලිතින්ද ඇතුලු දිරා පත් නොවන අන් සියලු දෑ අද මිහිතලය මත සියළු ජීවයට තර්ජනයක් වී හමාරය

පසුගියදා ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසකට මිය ගොස් සිටියදී හමුවූ මේ කුඩා කැස්බෑ පැටවා ගේ කුස සම්පූර්ණයෙන්ම පිරී තිබී ඇත්තේ පොලිතීන් සහ ප්ලාස්ටික් වලිනි.

මුහුදු කැස්බෑවන් විශාල සංඛ්‍යාවක් දින පතා මෙලෙස දිර පත් වන ද්‍රව්‍ය ආහාරයට ගැනීම හේතුවෙන් මිය යන්නෝය.

වාර්ෂිකව මුහුදට මුදා හැරෙන ටොන් මිලියන දහයකට වඩා ප්‍රමාණයක් අවසානයේ නතර වන්නේ බොහෝමයක් මුහුදු ජීවීන්ට මරණය අත් කර දෙමිනි.

ප්ලාස්ටික් සහ පොලිතීන් ආහාරයට ගන්නා මුහුදු ජීවීන් ලෙස මුලින්ම හදුනා ගන්නා ලද්දේද මුහුදු කැස්බෑවන්ය. ඒ 1980 වසරේදී මුහුදු කැස්බෑවන් පිළබදව හෙළි වූ වාර්ථාන්ට අනුවයි.

ඔවුන් ආහාරයට ගන්නා ඇතැම් ප්ලාස්ටික් වර්ග ආහාර ජීරණයත් සමග ඔවුන්ගේ සිරුරෙන් ඉවත් වුවද බොහෝ ප්ලාස්ටික් හා නොදිරන ද්‍රව්‍ය සිරුරෙන් පිට නොවී එලෙසම පවතී.

මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාව සහ කාර්මික පර්යේෂණ ආයතනය වන (CSIRO) මගින් අනාවරණය දළ දත්තයන්ට අනුව අනාවරණය වූයේ වාර්ෂිකව කැස්බෑවන් 1000කට අධික සංඛ්‍යාවක් ප්ලාස්ටික් හෝ නොදිරන අපද්‍රව්‍ය හේතුවෙන් මිය යන බවයි.
මේ වන විටත් ලෝකය පුරා ඉබ්බන් සහ කැස්බෑවන් ද ඇතුළු 60% වද වීමේ තර්ජනයට ලක් වී ඇත.මීට සියවස් දෙකකට පෙර කැරීබියන් මිහුදේ ජීවත් වන්නට ඇතැයි සැළකෙන කැස්බෑවන් සංඛ්‍යාව මිලියන 10කට අධික වන්නට ඇතැයි සැළකුවද අද වන විට දහස් ගණනකට පමණක් සීමා වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි