රදිකා ගුණරත්න
වෘත්තියෙන් නීතීඥවරියක් වන රදිකා ගුණරත්න, 2002 වසරේ පටන් මේ දක්වා අඛණ්ඩව ජනමාධ්‍ය ක්ෂේත්රයේ නියැළෙමින් සිටියි. 2002 වසරේ රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ ‘මුතුහර‘ සහ චිල්රන්ස් ඩයිජස්ට් වර්ගයේ ‘සෝදිසි‘ සඟරාවල සංස්කරණයට සම්බන්ධ වෙමින් ජන මාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ඈ පසුව ජාතික පුවත්පත්වලට මෙන්ම විද්‍යුත් මාධ්‍යයේ විදෙස් හා කාලීන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ පිටපත් රචනයෙන් ද දායක වූවාය. සාහිත්‍ය කෘති 30කට ආසන්න ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති ඇය, Not this Good Earth : The Right to Land, Displaced Persons and the Law in Sri Lanka (co-editor), නීතිය මත පාලනය, ශ්‍රී ලංකාවේ යුක්තියේ කතාව (පොලිස් වධහිංසා වින්දිතයන්ගේ කතා ඇසුරෙන්), ශ්‍රී ලංකාවේ මාධ්‍ය නීතිය සහ ප්‍රතිපත්තිය ඇතුළු නීති කෘති 15කට ආසන්න ප්‍රමාණයක් සංස්කරණයෙන් සහ පරිවර්තනයෙන් දායක වී ඇත. තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ සිවිල්/දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ නීතී ක්ෂේත්රයේ ක්‍රියාකාරී ව කටයුතු කරයි. විදෙස් පුවත් සහ ගවේෂණාත්මක වාර්තාකරණය ඇගේ විෂයන් අතර වේ.