×

අසීරු කාලයක් එළඹෙන බැවින් කැපකිරීම් කිරීමට සුදානම් වන ලෙස එක්සත් රාජධානියත් ඉල්ලා සිටියි.

නව මුදල් අමාත්‍යවරයා පවසන්නේ ඉදිරියේදී කැප කිරීම් කිරීමට සිදුවන කාලයක් එන බවත්, එහිදී දැඩි තීරණ ගැනීමට සිදුවන බවත්ය.


එක්සත් රාජධානියේ මෙම නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයවැයෙන් පසු වෙනදාට වඩා වැඩි වශයෙන් බදුබර දැරීමට සිදුවනු ඇති බව ජෙරමි හන්ට් පවසා තිබේ. නව මුදල් අමාත්‍යවරයා පවසන්නේ ඉදිරියේදී කැප කිරීම් කිරීමට සිදුවන කාලයක් එන බවත්, එහිදී දැඩි තීරණ ගැනීමට සිදුවන බවත්ය.


ඔහු ස්කයි නිවුස් වෙත පවසා තිබුණේ මෙම සැළැස්ම උද්ධමනය අඩු කිරීමට සහ ඉහළ බලශක්ති පාලනයට උපකාරී වනු ඇති බවයි. එළඹීමට නියමිත ආර්ථික අවපාතය පිළිබඳ සඳහන් කළ චාන්සලර් වරයා පැවසූයේ ආණ්ඩුව මහජන මුදල් නාස්ති නොකරන බවයි. හන්ට් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෘහස්ථ බලශක්ති බිල්පත් සහය පවුම් බිලියන 60 සිට පවුම් බිලියන 20 දක්වා කපා හැරීමට බලාපොරොත්තු වන අතර ඔහුගේ සැලසුම්වලට ආදායම් බදු සහ ජාතික රක්ෂණ සීමාවන් ඇතුළත් වනු ඇති බව පැවසේ.


චාන්සලර්, රේචල් රීව්ස් ස්කයි නිවුස් වෙත පවසා තිබුණේ මහජන සේවා දැනටමත් පරිහානියට ගොස් ඇති බැවින් වැඩකරන ජනතාව කෙරේ බදු බව නොපටවන ලෙසයි. සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව අප්‍රේල් මාසයේ සිට විශ්‍රාමිකයින් සහ ප්‍රතිලාභ ලබන්නන් යම් අවදානම් සහගත තත්වයක් ඇතිවනු ඇත.

මහා භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් ජෝන් ග්ලෙන් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ උද්ධමනකාරී පීඩනය හමුවේ මිනිසුන් සැලකිලිමත් වන දේවල් දිගටම ලබා දීමට, මණ්ඩලය හරහා අමතර වියදම් දැරීමට සිදුවනු ඇත. එය වඩාත් ගැටලුකාරී වන හෙයින් අපට දුෂ්කර තීරණ ගත යුතුව ඇති අතර රජය වඩාත් කාර්යක්ෂම කළ යුතුය. එනම් අනවශ්‍ය වියදම් මුලිනුපුටා දැමීම වැදගත්වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි