×

ශබ්දයේ වේගය මෙන් 27 ගුණයක වේගයක් සහිත ඇවන්ගාර්ඩ් හයිපසොනික් මිසයිල පද්ධතියක්, රුසියාවෙන්

චීනය මෙන්ම රුසියාවද මෙසේ උපාය මාර්ගික අවි සොයාගැනීම හා ක්‍රියාවේ යෙදවීම ඇමරිකාවට හිසරදයක් වී ඇත.


වසර ගණනාවක අත්හදා බැලීම්වලින් පසු අන්තර් මහද්වීපික පරාසයේ නව හයිපර්සොනික් අවියක මෙහෙයුම් දියත් කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට වාර්තා කළේය.

ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයින්ගු පුටින් ජනපතිවරයා වෙත දන්වා ඇත්තේ ඇවන්ගාඩ් හයිපෝසොනික් ග්ලයිඩ් වාහ ධාවක සහිත පළමු මිසයිල පද්ධතිය සිය ආරක්ෂක මෙහෙයුම් වාර්ථා කළ බවයි.

එමෙන්ම එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම ඇවන්ගාඩ් මිසයිලය ශබ්දයේ වේගය මෙන් 27 ගුණයක් වේගවත් බවයි.

උපායමාර්ගික මිසයිල බලකායේ ප්‍රධානී ජෙනරාල් සර්ජි කරකායෙව් මහතා කළ ප්‍රකාශයකදී කියා සිටියේ ඇවන්ගාඩ් මිසයිල පද්ධතිය දකුණු යූරල් කඳුකරයේ ඔරෙන්බර්ග් කලාපයේ ඒකකයක් සමඟ ආරක්ෂක රාජකාරි සදහා යොදවා ඇති බවයි.

2018 වසරේ දී සිය රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධව ජාතිය අමතමින් සිය ආරක්ෂක මිසයිල පද්ධති අතරට ඇවන්ගාර්ඩ් මිසයිල හඳුන්වා දීමට තමන් සූදානමින් සිටින බවට අනාවැකි ඵල කරන ලදී.
පුටින්ට අනුව මෙවර ඇවන්ගාර්ඩ් නිමැවුම 1957 වසරේ සෝවියට් රජය විසින් පළමු චන්ද්‍රිකාව දියත් කිරීමේ ක්‍රියාවලිය හා සැසදිය හැකි ජයග්‍රණයකි.

Image result for Avangard

එමෙන්ම ඔහු පවසන්නේ මෙම නවතම මිසයිලය  ඇවන්ගාර්ඩ් නිර්මාණය කර ඇත්තේ සෙල්සියස් 2,000 ක් (ෆැරන්හයිට් 3,632) දක්වා උෂ්ණත්වයකට ඔරොත්තු දීම සඳහා නව සංයුක්ත ද්‍රව්‍ය භාවිත හයිපර්සොනික් වේගයෙන් වායුගෝලය හරහා පියාසර කළ හැක්කක් බවයි.

චීනය මෙන්ම රුසියාවද මෙසේ උපාය මාර්ගික අවි සොයාගැනීම හා ක්‍රියාවේ යෙදවීම ඇමරිකාවට හිසරදයක් වී ඇත.

මේ අතර ඇැමරිකා එක්සත් ජනපදය විසින් ආරක්ෂක මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීම සදහා ගත් උත්සහය විසින් ඇවන්ගාර්ඩ් වැනි සුවිශේෂී මිසයිල පද්ධති මෙන්ම උපාය මාර්ගක මෙහෙයුම් සදහා සිය රාජ්‍ය තල්ලු කර දැමූ බවට පුටින් චෝදනා කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි