×

‘Avatar: The Way of Water’ ලොව පුරා බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි.

අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇත්තේ අවම වශයෙන් තවත් "Avatar" අනුක්‍රමික තුනක්වත් ඉදිරියට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.


ජේම්ස් කැමරන්ගේ අධ්‍යක්ෂණයක් වන “Avatar: The Way of Water” මේ වන විට ලොව පුරා ඩොලර් බිලියන 2 කට වඩා උපයා ඇති බව වාර්තා වේ.

චිත්‍රපයට ප්‍රචාරය වූ දෙසැම්බර් මස 6 වන දින සිට අඛණ්ඩව හයවන සතිය වන විටත්, ලොව පුරා ප්‍රථම ස්ථානය දිනා ගැනිමින් මෙතෙක් අළෙවි වූ චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම සිටීමට සමත්ව තිබේ.

මෙය ඇමරිකානු වීර කාව්‍ය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන අතර, මෙහි තිර රචනය තිර රචනය Rick Jaffa සහ Amanda Silverගේ වේ. මෙම චිත්‍රපටය 0th Century Studios විසින් බෙදා හරිනු ලැබේ. මේ වෙනුවෙන් වැය වන ලද මුදල ඩොලර් මිලියන 350-460 ක ඇස්තමේන්තුගත කර ඇති අතර එය මෙතෙක් නිපදවා ඇති වඩාත්ම මිල අධික චිත්‍රපටවලින් එකකි.

මේ වන විට ලොව පුරා විකාශය වූ චිත්‍රපට අතුරින් චිත්‍රපට හයක් ඩොලර් බිලියන 2හි සීමාව ඉක්මවා ඇත. එයින් චිත්‍රපට තුනකටම හිමිකම් කියන්නේ කැමරන්ය. එනම් 2015 හි “Star Wars: Episode VII – The Force Awakens,” “Avengers: Infinity War” 2018 සිට, සහ “Avengers: Endgame” ය.

Avatar: The Way of Water’සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර ඇත්තේ අවම වශයෙන් තවත් “Avatar” අනුක්‍රමික තුනක්වත් ඉදිරියට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි