අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් 38 දෙනෙකු ජීවිතක්ෂයට
අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වේ...
සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේදී කඩා වැටීමෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සමඟ Embraer 190 ගුවන් යානය බදාදා (25) ගුවන් යානය අසර්බයිජානියානු අගනුවර වන Baku සිට උතුරු කොකේසස් හි රුසියානු Grozny නගරය දක්වා ගමන් කරමින් තිබුණි.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතර මේ සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වාර්තා කර තිබුණේ, විමර්ශනය අවසන් වන තුරු බකු සිට රුසියාවේ චෙච්නියා කලාපය දක්වා සියලුම ගුවන් ගමන් අත්හිටුවන බවයි.