×

එතෙක් මෙතෙක් ඉන්දියාවේ සිදු වූ විශාලතම ධන පරිත්‍යාගය‍

Wipro (WIT) නැමති තාක්ෂණික සමාමේ හිමිකරු වන ඔහු 73 හැවිරිදි පුද්ගලයෙක් වෙයි.


ඉන්දියාවේ ධනවතුන් අතර දෙවන ස්ථානය ගන්නා අසීම් ප්‍රේම්ජී. ඉන්දියානු ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති විශාලතම දන පරිත්‍යාගය සිදු කළ පුද්ගලයා ලෙස වාර්ථා ගත වූයේය.
ඔහු තමන්ට හිමි දනයෙන් ඉන්දියානු රුපියල් බිලියන 530ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 7.5 මෙසේ සමාජ සේවා ආයතනයක් වෙත පරිත්‍යාග කර ඇත්තේ සමාජ සේවය වෙනුවෙනි.
Wipro (WIT) නැමති තාක්ෂණික සමාමේ හිමිකරු වන ඔහු 73 හැවිරිදි පුද්ගලයෙක් වෙයි.
Bloomberg Billionaires දර්ෂකයට අනුව ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 18 වැඩි වන්නේය.

වොරන් බුෆට්, බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් ආදීන් විසින් ආරම්භ කළ පොහොසතුන් විසින් සිය ධනයෙන් වැඩි කොටසක් සමාජ සේවා සදහා යෙදවීමේ ව්‍යපාරයන්ට දායකවූ ප්‍රථම ඉන්දියානුවා ඔහු වෙයි.

ඔහුට අයත් විප්‍රො සමාගම ඔහුගේ පියා විසින් 1945 වසරේ හදුන්වා දුන් සමාගමක් වන අතර මුලින්ම එමගින් සිදු කරන ලද්දේ එළවළු තෙල් නිෂ්පාදනයයි. නමුත් පසුව ප්‍රේම්ජී යටතේ 1980 වසරේ එය තාක්ෂණික සේවා ආයතනයක් බවට පත්ව ඇති අතර එය අද වන තෙක්ම විශාලතම ඉන්දියානු තාක්ෂණික සේවා ආයතනය වෙයි. ලෝකය පුරා මෙම ආයතනය හා සම්බන්ධව සේවකයන් 160000කට වඩා ප්‍රමාණයක් සේවයේ නිරත වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි