×

Baby Drop Box ? ඇමරිකාවේ මාවත් අයිනේ දැකිය හැකි අලුත්ම උපාංගය

මේවා නම් කර ඇත්තේ සේෆ් හෙවන් බේබි බොක්සස් යන නමිනි.


ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රන්තයේ පොදු ස්ථාන කිහිපයකම පිහිටුවා ඇති අලුත් උපාංගයක් දැක ගැනීමට එහි වැසියන්ට හැකි විය.

තැපැල් පෙට්ටියක් ආකාරයෙන් ගොඩ නැගිලි වලට සවි කර තිබී එය විවෘත කළ විට ඉතා හොද වාතාශ්‍රයක් මෙන්ම ඉඩ කඩකඩ ද ඇති තුඩා පෙට්ටියක් දැක ගත හැකිය.

එය සකසා තිබෙන්නේ අලුත උපන් බිළිදුන්ටය.

තමන්ට ලොකු මහත් කළ නොහැකි යැයි මවුවරුන්ට සිතෙන දරුවන් ට වෙන කිසිත් කරදරයක් නොකර එමෙන්ම ඔව්නව තවත් කාට වත් නොදී හෝ වේදනා බර ජීවිතයක් උරුම නොකර මෙම පෙට්ටියට ගෙනැවිත් දැමීමට දැන් හැකියාව ඇත.

කුඩා බිළිදා මෙම පෙට්ටියෙන් ගෙනැවිත් තැබූ විලස එහි උෂ්ණත්ව පාලනයද සංවේදක ක්‍රියාත්මක වීමද ආරම්භ වේ එමෙන්ම ඒ බව අදාල පුද්ගලයන්ට දැනුම් දීමේ සංඥාවක්ද ක්‍රියාත්මක වේ. එමෙන්ම මවට තමන් ගත් තීරණය ගැන නැවත සිතන්නට විනාඩි 5ක කාලයක් ලබා දී ඇත.
මේවා නම් ක

ර ඇත්තේ සේෆ් හෙවන් බේබි බොක්සස් යන නමිනි.

මේ සම්බන්ධන කටයුතු තරන ප්‍රිසිලා පෘයිට් පවසන්නේ මෙවැනි උපාංග රට පුරා පිහිටුවන්නට තමන් යෝජනා කරන බවයි. විශේෂයෙන්ම අලුත උපන් බිළිදුන් උපන් විගසම ඔවුන්ව ජීවිතක්ෂයට පත්කිරීමට ඇතැම් මවුවරුන් පෙළඹේනනේ විවිධ හේතු මතය එය නවතා ලීමට මෙමෙගින් හැකි වන බව ඇය පවසයි. එමෙන්ම ඉතා තරුණ මවුවරුන් සහ සමාජයට බියෙන් සිටින මවුවරුන් මෙන්ම පියා අහිමි දරුවන් , හදා වඩා ගැනීමට නොහැකි දරුවන් මෙසේ මෙම බහාලුමට ගෙනැවිත් දමන්නට මවුවරුන්ට හැකි වේ..

මේ සම්බන්ධව විවිධ අදහස් පළ වෙමින් තිබෙන අතර මෙසේ දරුවන් අතහැර දැමීම පහසු කාර්යක් නොවන බවත් දරුවාට මෙන්ම මවටද ගැටළු ඇති වන බවත් ඉන් එක් අදහසකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවසන්නේ ක්‍රියාත්මක විය යුත්තේ මෙය නොව පවුල් සැළසුම් ක්‍රම වැඩි වැඩියෙන් හදුන්වා දීම බවයි. මන්ද ලෝකයේ ඇතැමි රටවල් දිළිදු බව හේතුවෙන් දරුවන් අත්හැර දැමීම විශාල වශායන් සිදුවන අතර එවැනි අවස්ථාවලදී හොදම පිළියම වන්නේ පවුල් සැළසුම් ක්‍රම වැඩි වැඩියෙන් හදුන්වා දීම බවයි.

ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙවැනි බිළිදු බහාලුම් පිහිටවූයේ 2016 වසරේදීය. නමුත් මෙම සංකල්පය ඉතා පරණි එකකි. මීට සියවස් ගණනාවකට පෙර මධ්‍යකාලීන යුගයේදී රෝහල් සහ කිතුණු දේවස්ථාන ඉදිරියේ කුඩා සිලින්ඩරාකාර බහාලුම් තබා තිබුණේ තමන්ට හදා වඩා ගත නොහැකි දරුවන් එහි දමා යෑමටයි.

පසුගිය 20 වසර තුළ ලොව තවත් රටවල් හී මෙම ක්‍රමය දැක ගත හැකි වී තිබේ පාකිස්ථානය, ජර්මනිය,මැලේෂියාව, ස්විට්සර්ලන්තය ඒ අතර වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි