×

තවත් චීන වෛද්‍ය විශේෂඥයෙක් කොවිඩ් වෛරසයෙන් මරුට

ඔහුගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් චීන බලධාරීන් නිශ්චිතව අනාවරණය කර නොමැත. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම වෛරසය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළ වෛද්‍යවරයා මරණයට පත්වීම සහ මෙම වෛද්‍යවරයා මරණයට පත්වී එක හා සමාන බවයි.


කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මරණයට පත්ව තිබෙනවා. හූ වයිෆෙන් නමැති මෙම වෛද්‍යවරයා මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වෛරසය මුලින්ම හඳුනාගත් වූහාන් නගරයේ මධ්‍යම රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් රැසකට මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර ලබා දී ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීය.

එතැන් පටන් මේ දක්වා අදාල වෛද්‍යවරයා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබා ඇති අතර මාර්තු මාසය මැද භාගය වනවිට ඔහුගේ තත්වය උත්සන්න වී තිබේ. ඒ වනවිට ඔහුගේ අක්මාව ද අකර්මන්‍ය වී තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් චීන බලධාරීන් නිශ්චිතව අනාවරණය කර නොමැත. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම වෛරසය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළ වෛද්‍යවරයා මරණයට පත්වීම සහ මෙම වෛද්‍යවරයා මරණයට පත්වී එක හා සමාන බවයි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි