×

BAFTA සිනමා උළෙල..

සුප්‍රසිද්ධ සිනමා සම්මාන උලෙලක් වන BAFTA සිනමා සම්මාන උලෙල පසුගියදා ලන්ඩනයේදි පැවැත්විනි.


Jane Campion ගේ Dark Western “The Power of the Dog” සිනමා කෘතිය මෙහදි හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය සඳහා BAFTA සම්මානය දිනාගන්නට විය.

“King Richard” චිත්‍රපටයේ විලියම්ස් සහෝදරියන්ගේ පියා සහ ටෙනිස් පුහුණුකරුගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් විල් ස්මිත් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර “After Love” නාට්‍යයේ වැන්දඹු චරිතය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ Joanna Scanlan හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නට විය.

Jane Campion, The Power of the Dog චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයට පාත්‍ර විය.

ඉදිරි සති දෙකකට පසු ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වීමට මෙම චිත්‍රපටය ඉදිරියෙන්ම සිටී.

ඉංග්‍රිසි බසින් නොවන භාෂා මාධ්‍ය සඳහා සම්මානයට ලක් වූ චිත්‍රපටය වෙනුවෙන් DRIVE MY CAR සම්මානයට ලක් විය.

SUMMER OF SOUL චිත්‍රපටය හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන සම්මානය හිමිකර ගත් අතර, ENCANTO චිත්‍රපටය හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නට විය.

ARIANA DEBOSE හොඳම සහාය නිලියට හිමි සම්මානය දිනා ගත්තේ, West Side Story චිත්‍රපටය වෙනුවෙනි.

TROY KOTSUR හොඳම සහාය නලුවාට හිමි සම්මානය දිනා ගන්නට විය. ඒ CODA චිත්‍රපටය වෙනුවෙන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි