×

හැකි ඉක්මනින් ලෙබනනයෙන් පිටව යන්න, බහරේන් වැසියන්ට අනතුරු ඇඟවීමක්!

බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ලෙබනනයේ සිටින සියළුම බහරේන් පුරවැසියන් වහාම පිටව යා යුතු බවයි.


බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ලෙබනනයේ සිටින සියළුම බහරේන් පුරවැසියන් වහාම පිටව යා යුතු බවයි.

ඊශ්‍රායලය හා හිස්බුල්ලාවරුන් අතර ඇතිවූ නවතම ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම හා ලෙබනනයේ වසන බහරේන් පුරවැසියන් ගේ ආරක්ෂාව තකා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

එම නිවේදනයට අනුව, පවතින අන්තරාදායක තත්ත්වයන් මධ්‍යයේ ලෙබනනයට සංචාරය කිරීම ද අවදානම් සහගත බැවින් පුරවැසියන් ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ලෙබනනයට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසද විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

හිස්බුල්ලා පසුගිය ඉරු දින ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) කඳවුරකට සහ උතුරු දේශ සීමාව ඔස්සේ හමුදා රථ වලට යුද ටැංකි-නාශක මිසයිල කිහිපයක් එල්ල කළ අතර, ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් IDF අංශ කාලතුවක්කු ෂෙල් වෙඩි 100 කට අධික ප්‍රමාණයක් දකුණු ලෙබනනය ඔස්සේ එල කළ අතර, තමා වෙත එල්ල කළ ප්‍රහාරයට වගකිව යුතු කඳවුරට ගුවන් ප්‍රහාර ද එල්ල කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි