×

බෝල්කන් රටවල් කිහිපයක් බ්ලැක්අවුට්

බටහිර බෝල්කන් ප්‍රදේශයේ බලශක්ති නිෂ්පාදනය ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වෙමින් පවතින අතර එය කලාපයේ හරිතාගාර වායු විමෝචනයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වේ.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 22,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ගිම්හාන තාප තරංගයන්හි බලපෑම හේතුවෙන් බෝල්කන් රටවල් හතරක් වන ඇල්බේනියාව, බොස්නියාව, මොන්ටිනිග්‍රෝව සහ ක්‍රොඒෂියාවට එකවර විදුලිය ඇණහිට තිබේ.

අධික උෂ්ණත්වයට එරෙහිව සටන් කිරීම සඳහා නිවෙස්හිහ වායු සමීකරණය ක්‍රියාත්මක කිරීමෙන් පසු විදුලිබල ඉල්ලුම ඉහළ යාමත් සමඟ මෙම තත්වය ඇතිවී තිබේ.

විදුලිය විසන්ධි විමම්ත් සමඟ බොස්නියාවේ සහ ක්‍රොඒෂියාවේ, සරජේවෝ, ස්ප්ලිට් සහ අනෙකුත් විශාල නගරවල ප්‍රවාහනය අවුල් වී ඇත. විදුලිය අහිමිවීම හේතුවෙන් මොන්ටිනිග්‍රෝවේ අගනුවර වන Podgorica හි ජල පොම්ප ක්‍රියා විරහිත වී ඇති අතර ක්‍රොඒෂියානු නිවාඩු නිකේතනවල සංචාරක සමයට ද පහරක් එල්ල කළේය. එහි ආපනශාලා, පබ් සහ සුපිරි වෙළඳසැල් ඔවුන්ගේ දොරවල් වසා දැමීමෙන් පසු ඩුබ්‍රොව්නික් හි නිවාඩු ගත කරන්නන් අවුල් සහගත වී ඇත.

දිගු, උණුසුම් සවස් කාලය ගෙවී යද්දී කලාපය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් ලෙස වාර්තා වී තිබු අතර සැපයුම්කරුවන් ප්‍රකාශ කර තිබුණේ, තත්වය යථා තත්වයට පත්කළ හැකි නමුත්, රටවල් හතරේ අන්තර් සම්බන්ධිත විදුලි පද්ධතිවල අසාර්ථකත්වය සිදුව ඇත්තේ කොතැනකදැයි හඳුනා ගැනීමට තවමත් උත්සාහ කරමින් සිටින බවයි.

බටහිර බෝල්කන් ප්‍රදේශයේ බලශක්ති නිෂ්පාදනය ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වෙමින් පවතින අතර එය කලාපයේ හරිතාගාර වායු විමෝචනයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි