×

ඉරානයෙන් ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරුවලට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් !

ඇමරිකාව මීට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් බොහෝවිට ගල්ෆ් කලාපය තුළ මීළඟ දරුණුම යුද්ධය ආරම්භ වනු ඇති.


ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ ඇමරිකානු හමුදා ස්ථාපිත කර සිටින අයින් – අල් අසාද් ගුවන් හමුදා කඳවුර ඇතුළු කඳවුරු දෙකකට අවම වශයෙන් මිසයිල දුසිමකට වැඩි ගණනකින් ප්‍රහාර එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇමරිකානු ආරක්ෂක මූලස්ථානයෙහි ප්‍රකාශකයකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ප්‍රහාරයෙහි හානිය තවමත් ගණනය කරමින් පවතින බවයි.

ඇමරිකාව මීට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් බොහෝවිට ගල්ෆ් කලාපය තුළ මීළඟ දරුණුම යුද්ධය ආරම්භ වනු ඇති.

RN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි