×

Ballon d’Or කරීම්ට සහ ඇලෙක්සියාට

Ballon d'Or සම්මානය 956 සිට 2006 දක්වා පාපන්දු මාධ්‍යවේදීන්ගේ ඡන්දය මත පදනම්ව පැවත්වුණා.


Ballon d’Or පාපන්දු සම්මානයේ ආරම්භය 1956 දී.ආරම්භයේදී එය යුරෝපයේ පාපන්දු තරුව පුදන සම්මානයක් වුණා.පසු කළෙක මෙම සම්මානය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයත් එකතුව ලෝකයේ පාපන්දු ක්‍රීඩකයා ඇගයීම දක්වා ස්වරූපයෙන් වෙනස් වෙනවා. ක්‍රීඩා ලේඛකයින් වන ගේබ්‍රියෙල් හැනොට් සහ ජැක් ෆෙරාන් විසින් සංකල්පනය කරන ලද, Ballon d’Or සම්මානය 956 සිට 2006 දක්වා පාපන්දු මාධ්‍යවේදීන්ගේ ඡන්දය මත පදනම්ව පැවත්වුණා. 2007 න් පසු ජාතික කණ්ඩායම්වල පුහුණුකරුවන්ට සහ නායකයින්ටද ඡන්ද බලය හිමි වුණා.

FIFA වසරේ ලෝක ක්‍රීඩකයා නම් කිරීමේ ක්‍රියාවලිය මෙම සම්මාන උළෙල සමඟ ඈදා ගත්තත් 2016 දී නැවත Ballon d’Or සම්මාන උළෙල ස්වාධීන විය.නමුත් අදටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් නම් කරන ලද වසරේ ක්‍රීඩකයා තරමටම Ballon d’Or සම්මානයටද ඇගයීමක් පිළිගැනීමක් ලැබෙන අතර එය බොහෝ විට ඊටත් වඩා ඓතිහාසික වටිනාකමක් සහිත එකක් ලෙස පපාන්දු සමාජය ඇතුළේ ගෞරවාදරයට පත් වන්නේය.

මෙවර එම ගෞරවය ලැබුවේ ප්‍රංශ ජාතික පිරිමි කණ්ඩායම නියෝජනය කරන කරීම් බෙන්සෙමා සහ ස්පාඤ්ඤ ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇලෙක්ෂියා පුටෙලාස් ය.කරීම් ප්‍රංශ ජාතික කණ්ඩායම මෙන්ම රියල් මැඩ්රීඩ් කණ්ඩායම ද නියෝජනය කරන අතර ඇලෙක්සියා නියෝජනය කරන්නේ බාසිලෝන් ක්‍රීඩා සමාජයේ කාන්තා කණ්ඩායමය.

මෙම සම්මානය ප්‍රදානය ඇරඹි 1956 වසරේ දී සම්මානය හිමි වූයේ එංගලන්ය නියෝජනය කළ ස්ටැන්ලි මැතිවිස්ටය.ඔහු පාපන්දුව වෙනුවෙන් කළ සේවයට ශ්‍රීමත් නයිට් නාමයෙන් ද පිදුම් ලැබූ අයෙක්ය.ඔහු එම සම්මානයට පාත්‍රවන විට ඔහුගේ වයස අවුරුදු 41 ක් විය.ඉන් අනතුරුව මෙම සම්මානයට හිමිකම් කියූ වයස්ගතම ක්‍රීඩකයා වීමේ භාග්‍යයද මේ සම්මානයත් සමඟ කරීම්ට හිමි විය.ඔහු දැන් 34 හැවිරිදිය.එමෙන්ම ප්‍රංශ පාපන්දුවම මෙම සම්මානයෙන් ආනන්දයට පත් වන්නේ එයට හිමිකම් කී දෙවන ප්‍රංශ ජාතිකයා කරිම් වන බැවිනි.ඊට පෙර සිනෙඩීන් සිඩාන් මෙම සම්මානයට හිමිකම් කී ප්‍රංශ ජාතිකයා ය.කරිම් තමන්ගේ පාපන්දු ජීවිතයේ පරමාදර්ශ පත් කර ගන්නේ ද සිඩාන් සහ බ්‍රසිලය නියෝජනය කළ රොනාල්ඩෝ ය.

ඇලෙක්ෂියා ද මෙම සම්මානය සමඟ ඉතිහාසගත වන්නීය.ඇය පිට පිටම දෙවතාවකදී මෙම සම්මානයට උරුමකම් කී පළමුවැන්නිය වන්නීය.28 හැවිරිදි ඇලෙක්ෂියා පුටෙලාස් බාර්සිලෝනා කණ්ඩායමට නායකත්වය දෙන්නීය. ස්පාඤ්ඤ ලීගය පිට පිට තුන් වතාවක් ජයග්‍රහණය සඳහා මෙහෙයවමින් ඇගේ කණ්ඩායම ලීග් තරඟ 30ම ජයගනිද්දී ඇලෙක්ෂියා පුටෙලාස් කණ්ඩායම වෙනුවෙන් ගෝල 18ක් ලබමින් සහ තවත් ගෝල 15ක් වාර්තා කිරීමට සහය වී තිබිණි.මේ වසරෙදිම ගෙවුණු අගෝස්තු 25 වන දා වසරේ යුරෝපීය කාන්තා පාපන්දු තරුව ලෙස ද ඇගයීම් ලද ඇලෙක්ෂියා ස්පාඤ්ඤය වෙනුවෙන් තරග 100 ක් ක්‍රීඩා කොට ගෝල 27 ක් රැස් කර ගෙන ඇත.

RM




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි