×

නිදහස් බංගලාදේශයේ නායක මුජිබර් රහුමාන්ගේ ඝාතකයා වසර 45කට පසුව එල්ලා මරා දමයි.

.


 

රාජ්‍ය්‍යක් ලෙස බංග්ලාදේශය නිර්මාණය කිරීමෙහි ලා මූලිකත්වය ගත් නායක මුජිබර් රහුමාන් ගේ ඝාතකයා ලෙස වරද කරු වී සිටි හිටුපු හමුදා කපිතාන් අබ්දුල් මජෙඩ් ව පසුගිය සෙනසුරාදා එල්ලා මරා දැමිණි. එදින මධ්‍යම රාත්‍රියෙන් විනාඩියකට පසු ඩකා අගනුවර, කෙරජිගන්ග්හී පිහිටි මධ්‍යම බන්ධනාගාරයේදී ඔහුව එල්ලා මරා දමන ලද බව බන්ධනාගාර ප්‍රධානී ඒ් එම් කේ මුස්තාෆා කමල් පාෂා විසින් නිවේදනය කරන ලදී. ඒ් ඝාතනය සිදු වී වසර 45කට පසුවය.

පසුගිය අගහරුවාදා ඩකා අගනුවරදී අත්අඩංගුවට ගත් අතර ස්වදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම මේ වසරේ බංග්ලාදේශයට ලැබුණු විශාලතම ත්‍යාගය බවයි. කාලයක් තිස්සේ ඉංදියාවේ සැගව සිටි මජෙඩ් තමන් මුජිබර් රහුමාන් ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.

ඔහු වෙනුවෙන් එල්ලා මැරීමේ දඩුවම ක්‍රියාත්මක කරන ලද්දේ තමන් වෙනුවෙන් සමාව දෙන ලෙස ඉල්ලා මජේඩ් විසින් ගොනු කළ අභියාචනය ජනපති අබ්දුල් හමීඩ් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය. ඔහුගේ බිරිඳ සහ දරුවන් හට ඔහුව දැක බලා ගැනීමට පසුගිය සෙනසුරාදා ඔහුව ඝාතනයට පෙර අවසන් වරට අවස්ථාව ලබා දෙන ලදී.

මුජිබර් රහුමාන් වත්මන් අගමැති ෂෙයික් හසීනාගේ පියා වන අතර සිය සොයුරිය ෂෙයික් රෙහානා සමග සිය සමස්ත පවුලෙන්ම දිවි ගලවා ගත්තේ ඇය පමණයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි