×

සෙල්ලම් තුවක්කුවක් සමග ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කළ තරුණයෙක් වෙඩි වැදී මිය යයි.

මේ වන විට ආරක්ෂක අංශ නිරීක්ෂණය කරන්නේ සෙල්ලම් පිස්තෝලයක් හෝ ගුවන් තොටුපලෙන් ගෙන යන්නට ඔහු සමත් වූයේ කෙසේදැයි යනුවෙනි.


සෙල්ලම් තුවක්කුවක් අතැතිව ගුවන්යානයක් පැහැරගන්නට ගිය 25 හැවැරිදි ංග්ලාදේශ ජාතික තරුණයෙක් පොලිස් වෙඩි පහරක් නිසා ඊයේ මිය ගියේය.

ගුවන් මගීන් 148 දෙනෙක් රැගෙන යන්නට සූදානමින් සිටි බිම්රාන් ගුවන් සමාගමට අයත් BG 147 යානය පැහැර ගැනීමට මෙම තරුණයා විසින් උත්සහා කරන ලදී

විනාඩි 10ක් පුරා බංග්ලාදේශ විශේෂ ආරක්ෂක අංශ මගින් කරන ලද මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ ග්‍රහණයෙන් ගුවන්යානය මුදා ගැණින.

ඩුබායි බලා පිටත් වෙමින් තිබූ මෙම ගුවන් යානය මෙම තත්ත්වය හේතුවෙන් හදිසියේ චිතගෝන් ගුවන් තොටුපලට ගොඩබස්වා ඇති අතර පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා අත ගිනි අවියක් තිබූ බවට ගුවන් මගීන් විසින් පැමිණිල් කර තිබේ.

නමුත් චිතගෝන් පොලිසියේ ප්‍රධානී කුසුම් දේවන් පවසා ඇත්තේ පැහැරගැනීමට තැත් කළ පුද්ගලයා අත තිබී ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් බවයි. අහමඩ් නැමති මෙම පුද්ගලයා පිළිබද සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු යම් මානසික රෝගයකින් පෙළුන පුද්ගලයෙක් බවත් කාලයක් තිස්සේ ඔහුට එරට අගමැතිවරයා හමූවීමේ අපේක්ෂාවකින් සිටි අයෙක් බවත් ය.

මේ වන විට ආරක්ෂක අංශ නිරීක්ෂණය කරන්නේ සෙල්ලම් පිස්තෝලයක් හෝ ගුවන් තොටුපලෙන් ගෙන යන්නට ඔහු සමත් වූයේ කෙසේදැයි යනුවෙනි.
ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියේ මෙම තරුණයා පළමුව වෙඩි වැදී තුවාල ලත් බවත් පසුව ඔහු මිය ගිය බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි