×

අගමැති හසීනා බලයෙන් පහකළ ශිෂ්‍යන් නව පක්ෂයකින් මැතිවරණයට තරඟ කරන ලකුණු

ජාතික සමගිය, දූෂණයට එරෙහිව විනිවිදභාවය සහ යහපාලනය සහ දෙවන ජනරජයක් ගොඩනැගීම සඳහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පක්ෂයේ අරමුණු වේ.


සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහ කිරීම සඳහා පසුගිය වසරේ පැවති මහජන විරෝධතාවලට නායකත්වය දුන් බංග්ලාදේශ සිසුන් ඉදිරි වසර තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට නව පක්ෂයකින් ඉදිරිපත්වන බව වාර්තා වේ.

බංග්ලාදේශයේ තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ වැඩ බලන වත්මන් ප්‍රධානියා වන මහෆුස් අලාම් යටතේ නව ජාතික පුරවැසි පක්ෂයේ (NCP) යනුවෙන් නව පක්ෂය පිහිටුවා ඇති අතර ජාතික සමගිය, දූෂණයට එරෙහිව විනිවිදභාවය සහ යහපාලනය සහ දෙවන ජනරජයක් ගොඩනැගීම සඳහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පක්ෂයේ අරමුණු වේ.

මෙම පක්ෂය සංවිධානය ස්වාධීනව පවතින බවත්, ජාතික කොංග්‍රසය ඇතුළු කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී කටයුතු කරන බවත් පක්ෂ නායකයන් සඳහන් කර ඇති අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හසීනා ඉවත්වීමෙන් පසු අන්තර්වාර ආන්ඩුවට නායකත්වය දුන් මොහොමඩ් යුනුස් පවසා ඇත්තේ දෙසැම්බර් මාසය වන විට හෝ 2026 මුලදී මහ මැතිවරණය පවත්වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි