×

බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් තමන් වගේම වෙන අය යොදාගෙන 13 වතාවක් විභාග වංචා කරලා…

ඇයව විශ්ව විද්‍යාලයෙන් නෙරපයි.


බංග්ලාදේශයේ මන්ත්‍රීවරියක් තමන් ගේ පෙනුමට සමාන පෙනුමක් ඇති කාන්තාවන් 8 දෙනෙක් විභාගයට ඉදිරිපත් කළ ඒවායින් සමත්වීමට කටයුතු කර ඇති බවට අනාවරණය වේ. මේ බව අනාවරණය වීමෙන් පසු ඈ අධ්‍යාපනය හැදෑරූ විශ්වවිද්‍යාලයෙන් ඈව නෙරපා ඇත.

බංගලාදේශයේ පාලක අවාමි ලීග් පක්ෂයට අයත් තමන්නා නුස්රත් නම් මන්ත්‍රී වරිය අවම වශයෙන් විභාග 13 ක් සදහා ඇය වෙනුවෙන් පෙනී සිටීමට සමාන පෙනුමක් ඇති කාන්තාවන් සදහා මුදල් ගෙවා ඇති බව ඇයට විරුද්ධව ඇති ප්‍රධානතම චෝදනාවයි.

පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන නාගොරික් රූපවාහිනිය මගින් පරීක්ෂණ ශාලාවකට ඇතුළු වී ලබා ගත් නුස්රත් ලෙස පෙනී සිටින එක් කාන්තාවක් සහිත වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරී යාමෙන් පසුව මෙම වංචාව අනාවරණය විය.

පසුගිය වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ නුස්රත් බංග්ලාදේශ විවෘත විශ්ව විද්‍යාලයේ (BOU) ෙ කලා උපාධියක් හදාරමින් සිටියාය.

ඇය අපරාධයක් කර ඇති නිසා අපි ඇයව නෙරපා හැරියා. අපරාධයක් කියන්නේ කවුරු කලත් අපරාධයක් ”යැයි බංග්ලාදේශ විවෘත විශ්ව විද්‍යාලයේ හි ප්‍රධානී එම්.ඒ.මන්නන් පවසයි “අපි ඇයගේ බඳවා ගැනීම අවලංගු කළා. ඇයට නැවත කිසි දිනෙක මෙහි ඇතුළත් වීමට නොහැකි වනු ඇත. ”

තවත් විශෟව විද්‍යාලයේ නිලධාරියෙක් ද ගාඩියන් පුවත් සේවයට මෙසේ ප්‍රකාශයක් නිකුත් කර ඇත: “වංචා සහගත ලෙස වෙනත් ශිෂ්‍යාවන් පරීක්ෂණ සඳහා පෙනී සිටින විට මන්ත්‍රීවරයාගේ බලය විසින් ඔවුන්ද එම අපරාධයද ආරක්ෂා කරන ලදී. හැමෝම එය දැන සිටියත් කිසිවෙකු වචනයක්වත් කතා නොකලේ ඇය ඉතා බලවත් පවුලක කෙනෙක් නිසා. ”

මේ පිළිබදව අදහස් ලබා ගැනීමට මන්ත්‍රී වරියව සම්බන්ධ කර ගැනීඹට උත්සහා කළද මාධ්‍යට ඒ සදහා ඉඩක් ලැබ නැත..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි