BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

එංගලන්ත බැංකුව සිය පොළී අනුපාතයන් 3%කින් ඉහළ නංවයි.

මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ උද්ධමනය 10.1% කින් ඉහළ යාමට සාපේක්ෂව එංගලන්ත බැංකුව ඊයේ (03) දිනයේ සිට සිය පොළී අනුපාතයන් 3%කින් ඉහළ නංවා ඇති බව වාර්තා වේ. මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.


මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාර ඇන්ඩෲ බේලි ප්‍රකාශ කර තිබුණේ ඉහළයන උද්ධමනය පහත හෙලීම බැංකුවේ කාර්යක් බවත්, බලහත්කාරයෙන් හෝ එය ඉටු නොකළොත් තත්වය වඩාත් නරක අතට පත්විය හකි බවත්ය.


ආහාර හා ඉහළ බලශක්ති මිල ගණන් ආදිය හේතුවෙන් වර්ධනය වන උද්ධමනය 2024 වසරේ පළමු භාගය දක්වාම පැවැතිය හැකි බවට පුරෝකතන ඉදිරිපත් වන අතර, මේත් සමඟ දේශීය නිෂ්පාදිතයේ යම් පහත වැටීමක් හා දළ දේශීය නිෂ්පාදිතයේ හැකිලීයාමක් අපේක්ෂා කෙරේ.


පොලී අනුපාතය ඉහළ දැමීමට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම තියුනු ලෙස පහත වැටුණු අතර එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2% කින් හා යුරෝවට සාපේක්ෂව 1.2% කින් ද පහත වැටීමකි.

සශිකලා මධුෂාණී_


ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

චීනයේ කොවිඩ් විරෝධී විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව; ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

උතුරු කොරියානු නායකයා ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන්

කොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා; විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයි.

‘දේශගුණිත අර්බුද වලින් විපතට පත් රටවලට චීනයද ආධාර කළ යුතුය’- හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්

බ්‍රසීලයේ 16 හැවිරිදි ළමයෙකු කරන ලද වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට, 13 දෙනෙකුට තුවාල

error: Content is protected !!
error: Content is protected !!