×

HSBC බැංකුවේ මුල් මාස 6 තුළ ලාභය දෙගුණ වෙයි!

HSBC හෙවත් හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවේ මේ වසරේ මුල් මාස 6 තුළ ලාභය දෙගුණ වී ඇති බව වාර්තා වේ.


මූලික වශයෙන්ම බැංකුව මෙම ලාභය වාර්තා කර තිබෙන්නේ හොංකොං සහ බ්‍රිතාන්‍යය තුළ සිදුකළ බැංකු කටයුතුවලිනි. බැංකුවේ විශාලතම වෙළඳපොළ පවතින්නේ මෙම රටවල් දෙකෙහි ය.

වත්කම් අනුව යුරෝපයේ විශාලතම බැංකුව ලෙස සැලකෙන්නේ ද HSBC ය. 2021 වසරේදී බදු ගෙවීමට පෙර ඔවුන්ගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.8 කි.

පසුගිය වසරේ මෙම අගය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් ලෙස ය.

එංගලන්තයේ HSBC බැංකු ප්‍රධානියාට අනුව HSBC බැංකුව ලෝකයේ සියලු කලාපවලදී මෙම සාර්ථකත්වය වාර්තා කර තිබේ.

වසංගත සමයේදී HSBC, ණය ආපසු අය කර ගැනීමේදී සිතුවාට වඩා සාර්ථකත්වයක් අත් කරගෙන තිබේ. එය අනපේක්ෂිත තත්වයක් විය.

කෙසේ වෙතත් ඔවුන් 2020 පෙබරවාරි මාසයේදී නිවේදනය කළේ, 2022 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් ඉතිරි කර ගැනීමේ අරමුණින් රැකියා 35,000 ක් කපා හැරීමට තීරණය කර ඇති බවයි.

HSBC බැංකුව ශ්‍රී ලංකාවේ ද බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස කටයුතු කරන අතර, 1200 කට අධික සේවක සංඛ්‍යාවක් එහි සේවයේ යෙදී සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි