×

දකුණු අප්‍රිකාවේ මියැදෙන ‘තුරු දැවැන්තයෝ‘

මේ විසල් බයොබාබ් ගස් ඈතට දිස් වන්නේ මිනිසෙක් අත් පා විදහාගෙන ඔළුවෙන් සිටගෙන සිටින්නා සේ ය. අප්‍රිකාවේ ජීවනාලිය ලෙස සලකන්නේ මේ මහා ගසයි. ‘ජීවනයේ ගස‘ යැයි ද එයට කියනු ලැබේ.


අප්‍රිකානුවන්ට එය ‘ජීවන වෘක්ෂය‘ යි. අප්‍රිකාවේ ජීවත් වන පැරණිතම ජීවියා වන්නේ ද මේ ගසයි. ඒවා හිටිහැටියේ දැන් මිය යමින් තිබේ.

දකුණු අප්‍රිකාවේ ලිම්පොපෝ පළාත සහරාවේ කෙම් බිමකි. මේ මහේශාක්‍ය තුරු රජිඳා, අප්‍රිකානු සැවනාවට දෙවියන් විසින් මවා තැබූ මහා යෝධයා ය. ලෝකයේ පැරණිතම බීජ නිපදවන ජීවී ශාඛය වන්නේ ද එයයි.

මේ පළාතේ දැකගත හැකි ඇතැම් බයොබාබ් ගසක් අවුරුදු 2000 ක් තරම් පැරණි ය. ඒවායේ පෙනුම අමුතු ය. ගසක මුල් තිබිය යුත්තේ ගසේ මුල වුවත්, බයොබාබ් ගසේ මුල් සදිසි අතු, පිහිටන්නේ අහස දෙසට ය. ඒවා ‘මුනින් හිටවූ ගස්‘ ලෙස ද එනිසා හැඳින්වෙයි.

නමුත් අමුතු පෙනුමැති මේ යෝධයා මිය යාමට හේතුව කුමක්ද? දකුණු දිග අප්‍රිකාවේ පෙර නොවූ විරූ වේගයකින් බයොබාබ් ගස් මියයමින් තිබෙන හේතුව කුමක්ද? නේචර් ප්ලාන්ට්ස් නමැති ජර්නලයේ මේ පිළිබඳ පළ වී තිබෙන පර්යේෂණ වාර්තාවකට අනුව, එයට හේතුව අන්කිසිවක් නොව, දේශගුණික විපර්යාසයයි.  

( 2018 study වසරේ සිදුකළ එම නවතම අධ්‍යයනය මෙතැනින් කියවන්න)

සිම්බාබ්වේ, නැමීබියාව, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ සැම්බියාව යන රටවල තිබෙන මෙ ඇතැම් බයොබාබ් ගසක්, පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය තරමටම පැරණිය.

Ecologist Sarah Venter under one of the largest baobab trees in the world. The local Vhavenda (or Venda) people call this mystical giant "the tree that roars."
පරිසරවේදිනී සාරා වෙන්ටර්, ලෝකයේ පැරණිම බයොබාබ් ගසක් අසල. ස්වදේශීය වෙන්දා (වේවෙන්දා) ජනතාව මේ ගසට කියන්නේ ‘ගිගුම් දෙන ගස‘ කියා ය.

දරුණු පරිසර තත්වවලට පවා ඔරොත්තු දෙන යෝධයෙක්

එහිදී පර්යේෂකයන් සොයාගත්තේ, ලෝකයේ පැරණිතම බයොබාබ් ගස් 13 ක් සහ, විශාලතම බයොබාබ් ගස් 6 ක් අතරින් 5 ක්ම, ගතවූ වසර 12 ඇතුළත සම්පූර්ණයෙන්ම මියගොස් තිබෙන බවයි.

බයොබාබ් ගසට අවුරුදු 3000 ක ආයු කාලයක් තිබේ. ඒවා ට ලොකු බස් රියක් තරම් විශාලව වැඩෙන්නට පුළුවන. මීටර 20 ක් වුවත් උස යන්නට ද පුළුවන. එසේ පවසන්නේ කෘගර් ජාතික උද්‍යානයේ නිල වෙබ් අඩවියයි. Kruger National Park 

ගතවූ වසර 1000 ඇතුළත ඒවා දකුණු අප්‍රිකාව මුහුණ දුන් දරුණුතම ඉඩෝරයන් හමුවේ නොසැළී සිටියේය. නමුත් දැන් නම් ඒවායේ ඉවසීම සිඳී ගොස් ඇති සෙයකි.

A baobab tree, Lower Zambezi in Zambia.
සැම්බියාවේ පිහිටා තිබෙන බයොබාබ් ගසක්.

අවුරුදු දහස් ගණන් පැරණි ගස් මිය යමින් තිබේ.

බයොබාබ් ගස්වල තිබෙන්නේ කුහර කඳන් ය. අතීතයේදී අප්‍රිකානු මිනිසුන් විසින් ඒ ගසෙහි සෑම කොටසක්ම පාහේ සිය මිනිස් අවශ්‍යතා සඳහා යොදා ගත්තේය. ගෙවල් දොරවල් පමණක් නොව, සිරගෙවල් ඉදිකිරීම සඳහා ද බයොබාබ් ගසෙහි ලී යොදා ගනු ලැබිණි. දකුණු අප්‍රිකාවේ ‘සන්ලන්ඩ් බයොබාබ්‘ නමින් සංචාරක ආකර්ෂණයක් තිබේ. එය එහි ඇදී එන සංචාරකයන්ට වයින් වීදුරුවක් තොල ගෑ හැකි ස්ථානයකි. මෙම ස්ථානය යනු අන් කිසිවක් නොව, අවුරුදු 1000 ක් පරණ බයොබාබ් ගසක කුහරමය කඳ තුළ සාදා තිබෙන බීම හළකි. වසර 20 ක් පමණ පැවති මේ බීමහළ, 2016 වසරේ අළුයම කඩා වැටුණේය. බයොබාබ් දැවැන්තයා මිය යාමට තීරණය කර තිබීම එයට හේතුවයි.

 A dying split baobab in Limpopo province, South Africa. Scientists, working independently, have identified potential dangers for both the youngest and oldest trees in its southern-most growing regions.
ලිම්පෝපෝ පළාතේ ඇද වැටුණු දැවැන්තයෙක්. පැරණි ගස් පමණක් නොව තරුණ ගස් පවා මේ අන්දමින් ඇද වැටී මිය යමින් තිබේ.

සිම්බාබ්වේ රාජ්‍යයේ 2011 වසරේදී වාර්තා වූයේ ‘පැන්කෙ ගස‘ නමින් ප්‍රකට වූ බයොබාබ් යෝධයා ද මිය ගිය බවයි. එය, අවුරුදු 2500 ක් පැරණි ගසක් විය.

ලෝකයේ විශාලතම බයොබාබ් ගස ලෙස සලකන්නේ ග්ලෙන්කෝ බයොබාබ් ගසයි. එහි යෝධ කඳ, අඩි 154 ක වට ප්‍රමාණයකින් යුක්ත විය. 2009 වසරේදී එහි කඳ පැලී එය මිය ගියේ මන්දැයි තවම කිසිවෙක් නොදනිති.

විද්‍යාඥයන් පවසන්නේ දේශගුණික විපර්යාසය විසින් අප්‍රිකානු මහද්වීපයේ උණුසුම වැඩි කරමින් තිබෙන අතර, සාපේක්ෂව ඉහළ උණුසුමක් ඇති පළාත්වල වැවී ඇති බයොබාබ් ගස් මේ අන්දමින් මිය යමින් තිබෙන බව ය. වියළි කාලගුණය සහ අධිකතර උණුසුම අතර සංකලනය මේ යෝධයන්ට දරාගත නොහැකි බවට මෙම පර්යේෂණ පත්‍රිකාව විසින් යෝජනා කරයි.

Harvesters hold baobab fruits they harvested in the village of Muswodi Dipeni in the Limpopo province, South Africa, in August 2018.
ලිම්පෝපෝ පළාතේ බයොබාබ් ගසක ඵල නෙළන අප්‍රිකානු ළඳුන්- 2018 අගෝස්තු

දේශගුණික විපර්යාසවල බලපෑම අධ්‍යයනය සඳහා කදිම ශාක විශේෂයක්

මෙම පර්යේෂණය සඳහා විද්‍යාඥයන් කළ පළමු කාර්යයක් වුණේ බයොබාබ් ගස් කාබන් කාල නිර්ණයට ලක් කිරීමයි. එය 2010 වසරේ පටන් අඛණ්ඩව සිදුවිය. එහිදී හෙළිවූ කාරණයක් වූයේ අනාගත මානවයා මුහුණ දෙන විශාලතම ගෝලීය ගැටළුව වශයෙන් සැලකෙන දේශගුණික විපර්යාස අධ්‍යයනය කිරීම සඳහා බයොබාබ් ගස හොඳම නිදර්ශකයක් බවයි. ඇද වැටුණු බයොබාබ් ගස්වල වයස ඒවායේ කඳෙහි වූ වළලුවලින් කිව හැකි විය.

බයොබාබ් ගස් මේ අන්දමින් නිරතුරුවම වාර්ෂික වළලු සාදන්නේ නැත. සාදන වළලු ද පිටතට දිස් වන්නේ ඉතා මද වශයෙනි. පැහැදිලිවම මේ යෝධයා, වයස කියාපාන්නට අකමැති අයෙකි!

එනිසා, බයොබාබ් ගස්වල සැබෑ වයස තීරණය කර ගත හැකි හොඳම ක්‍රමය වූයේ කාබන් කාල නිර්ණය පමණි.

සෙනගාලයේ බයොබාබ් ගසක් පල බර වී ඇති අයුරු
Cape Parrot – කේප් පැරට් නමැති මේ වඳ වී යන ගිරා විශේෂය, සිය බිළය සාදන්නට නිතරම තෝරාගන්නේ බයොබාබ් ගසයි.
A group of international tree climbers has embarked on a mission to explore some of Africa's most spectacular trees.
බයොබාබ් ගස් අධ්‍යයනයේ යෙදී සිටින විද්‍යාඥයෝ

නිරෝගී බයොබාබ් ගසක කඳෙහි සාමාන්‍යයෙන් 80%ක් හෝ 70% ක් පමණ ජලය ප්‍රතිශතයක් තිබේ. නමුත් මියයමින් සිටින බයොබාබ් ගස්වල කඳෙහි තිබෙන්නේ 40%ක පමණ ජල ප්‍රතිශතයක් පමණි.

The fruit of a baobab tree. The seeds and chalky powder inside have become a global health craze celebrated for their vitamin-packed properties.
බයොබාබ් ගසෙහි පලතුර. මෙහි බීජ සහ පිටි වැනි මදය, ලෝකය පුරා උමතුවක් මෙන් ජනප්‍රිය වී තිබෙන්නේ අති මහත් විටමින් සම්භාරයක් ඒ තුළ ගැබ් වී තිබෙන නිසා ය. විටමින් C එහි අති බහුල ය. නමුත් ඒවා රසවත් ය.

‘The baobab guardians’ – බයොබාබ් ගස් සුරකින්නිය

දකුණු අප්‍රිකාවේ කාන්තාවෝ බයොබාබ් ගසෙහි අරුමය හොඳින් දනිති. ඔවුන්ට එය නිසැක වශයෙන්ම ‘ජීවනයේ ගස‘ යි. එනිසාම මේ වන විට දකුණු අප්‍රිකාවෙන් බයොබාබ් ගස් සුරැකීම සඳහා එහි කාන්තාවෝ පෙරමුණ ගෙන සිටිති. ඔවුහු බයොබාබ් බීජ පැළ කරමින් සිටිති. ඒ බීජ සොය සොයා බුදින්නට ප්‍රිය කරන එළුවන්ගෙන් ඒවා බේරාගත යුතුය. 2014 වසරේ පටන් නේදා පළාතේ ඔවුහු මෙය මහත් උවමනාවකින් කරගෙන යති. ජීපීඑස් ක්‍රමය යොදාගෙන තමන් බීජ පැළ කළ ස්ථාන රකිති. ඔවුන්ගේ අරමුණ, වසර 1000 ක් අවම වශයෙන් ජීවත් වන බයොබාබ් ගස් 50 ක් මතු පරම්පරාව වෙනුවෙන් පැළ කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි