×

මහලු පුරුෂයෙනි! ඉවත් වන්න … කාන්තාවන්ට ලෝකය භාර දෙන්න – ඔබාමා

කාන්තාව සර්වතෝභද්‍ර නොවන මුත් ඇය පුරුෂයාට සාපේක්‍ෂව වඩාත් යහපත්ය යන්න ඔහුගේ අදහස විය.


ලෝකයේ පවතින බොහෝ ප්‍රශ්නවලට හේතුව, මහළු පුරුෂයන් බෙහොමයක් විසින් රාජ්‍ය පාලන බලය අල්ලා ගෙන සිටීම බවත් මිහිපිට සෑම ජාතියකම පාලනය අවුරුදු දෙකක් සඳහා කාන්තාවන්ට භාරදීමෙන් ඉතා යහපත් ලෝකයක් උදාවනු ඇති බවත් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් ඓතිහාසික ප්‍රකාශයක් සිදු කරන ලදී.

සිංගප්පූරුවේදී පැවති පෞද්ගලික හමුවක් අමතමින් ලෝකය පාලනයට කාන්තාවගේ සුදුසුකම ගැන කථාකළ ඔබාමා

”කාන්තාවන් විසින් පාලනය පාලනය වන ලෝකයක් තුළ උසස් ප්‍රතිඵල මෙන්ම සෑම ජනතාවකගේම ජීවන තත්වයේ පොදු වර්ධනයක් සිදුවනු ඇතැයි පැවසීය.

කාන්තාව සර්වතෝභද්‍ර නොවන මුත් ඇය පුරුෂයාට සාපේක්‍ෂව වඩාත් යහපත්ය. යන්න ඔහුගේ අදහස විය..

“කාන්තාවෙනි! ඔබ සර්වතෝභද්‍ර නොවන මුත් අවිවාදිතව පිළිගත යුතුයි.. ඔබ ලෝකය පාලනය කිරීම සඳහා පුරුෂයන්ට වඩා සුදුසුයි.” ඔහු එහි පිරිස අමතා එසේ පැවසීය.

තම පාලන සමයේදීත් තමන් මේ මතය දැරූ බවත් කාන්තාවන් විසින් ලෝකය පාලනය කරනු ලැබුණොත් ප්‍රථිපලය කෙසේ වනු ඇතිදැයි යන්න පිළිබදව සිතූ බවත් ඔහු පැමිණ සිටි පිරිස වෙත පවසා සිටියේය.

සාවද්‍ය අදහස් ප්‍රචාරණය සඳහා  ලෝකය විසින් සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කර ගනු ලැබීම  සහ දේශපාලන සමාජයක බෙදීම් පිළිබඳවත්  ඔහු සිය කතාවේ දී ඉස්මතු කොට දක්වා ඇත.

‍තවදුරටත් අදහස් දැක්වමින් ඔහු කියා සිටියේ  කාන්තා පාලනයක් තුළ ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම විශාල වර්ධනයක් සිදු වනු ඇති බවට මට දැඩි විශ්වාසයක් පවතිනවා. යනුවෙනි.

දේශපාලකයන් සිය  වාරය අවසන් වූ පසුත් වයස් ගත වන තෙක් ජනතාව පාලනය කිරීමට සිතීම පිළිබදවද පැවසූ ඔබාමාගේ අදහස වූයේ “ලෝකයේ පවතින තත්ත්වය සහ නිරන්තර අර්බුද දෙස අවධානය යොමු කළහොත් වැටහෙන්නේ වයස්ගත පුරුෂයන් සිය තනතුරුවලින් ඉවත් නොවීම මත එම තත්ත්වයන් හට ගෙන ඇති  බවයි.

2009 වසරේ සිට 2017 දක්වා ඇමරිකානු ජනපති ලෙස කටයුතු කළ ඔබාමා සිය ධූර කාලයෙන් පසු ලොව තරුණ නායකයින් බිහිකිරීම සඳහා වන පදනමක් පිහිටුවමින් සිය බිරිඳ සමග ඒ සඳහා දායක වෙමින් සිටී.

ඔබාමාගේ මෙම ප්‍රකාශයන් අතරේ වත්මන් ඇමරිකානු ජනපති ට්‍රම්ප් කාන්තාවන් ගැන දැරූ අදහස් පිළිබදව ඉතා ලැජ්ජාශීලි විය යුතු වනනේය. ඔහු සෑම විටම ලෝකයේ කාන්තාවන් පිළිබදව එල්ල කලේ ඉතා අඩු තක්සේරුන්ය.

හිටපු රාජ්‍ය ලේකම් වරිය වන හිලරි ක්ලින්ටන් පිළිබදව ඔහු පවසා තාබුණේ ” ඇයට පෙනුමක් නැත. ඇයට ශක්තිය නැත, මම විශ්වාස කරන්නේ නැහැ ඇයට ශක්තිය ඇති බව.”

හිටපු රිපබ්ලිකන් අපේක්ෂක කාර්ලි ෆයෝරිනා ගැන ඔහු පැවසුවේ
ඒ මුහුණ දෙස බලන්න! කවුරුහරි ඒ මුහුණට ඡන්දය ලබා දෙයිද? අපේ ඊළඟ ජනාධිපතිවරියගේ මුහුණ එය යැයි ඔබට සිතාගත හැකිද?

මාධ්‍යවේදී මේගින් කෙලී ගැන ට්‍රම්ප් පවසුවේ ඇගේ අස් වලින් ලේ ගලනවා ඇගේ සෑම තැනකින්ම රුධිරය ගලනවා යනුවෙනි.

පසුගියදා ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස පත්වූ ෆින්ලන්ත අගමැතිනිය ගැන 70 හැවිරිදි එස්ටෝනියානු අමාත්‍යවරයෙක් විසින් පවසා තිබුණේ ඇය අධ්‍යාපනය නොලද වෙළද සහායිකාවක් (sales girl)  බවයි
ඔහුගේ මෙම ප්‍රකාශය පිළිබදව එරට ජනපතිවරයා විසින් ෆින්ලන්තයෙන් සමාව ඇයද සිටියේය.

දේශපාන ලෝකය තුළ කාන්තාව එලෙස අඩුතක්සේරුවකට ලක්වෙමින් සිටින අවධියක ඔබාමා හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශය  වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි