×

තවමත් තරුණ බාබිට දැන් වයස අවරුදු 60ක්

ලෝකයේ රටවල් 150කට අධික සංඛ්‍යාවක් තුළ වාර්ෂිකව අලෙවි වන බාබී බෝනික්කන් ගණන මිලියන 58කි.


බාබි ඩෝල් මේ වසරෙදී සිය 60 වන වසරට පය තබමින් සිටී. ඇය තවමත් ඒ විදියමය. ඇයට ලෝකයේ ආදරය කරන්නන්ගෙන්ද අඩුවක් නැත. ගැහැණු දරුවන් වයස් භේදයකින් තොරව ආදරය කළ චරිතයකි බාබි ඩෝල්. පසුගිය 60 වසර තුළ ඇය විවිධාකාරයේ මතභේදයන් හා තර්කයන්ට මාතෘකාවක් වුවද ඇයට ලැබෙන ආදරය වැඩිවනවා මිස අඩුවක් නොවන්නේය.

කෙළිබඩු කර්මාතය තුළ කාලයෙන් කාලයට විවිධ චරිත පැමිණේනන අතර පසු ගිය වසර 60ක කාලය තුළ බාබි සිය ජනප්‍රියත්වය අඩු කර නොගත්තාය. ලෝකයේ රටවල් 150කට අධික සංඛ්‍යාවක් තුළ වාර්ෂිකව අලෙවි වන බාබී බෝනික්කන් ගණන මිලියන 58කි.
ජාත්‍යන්තර බාබී ඩෝල්ස් සන්නාම අධ්‍යක්ෂ නාදන් බර්නාඩ් පවසන්නේ 60 වසරක් පුරා මෙවැනි සෙල්ලම් භාණ්ඩයක් පැවතීම ඉතා විශාල ජයග්‍රහණයක් බවයි. ඔහු පවසන්නේ ලොකය පුරා මිනිසා කොකා කෝලා හෝ මැක්ඩොනල්ඩ් ගැන දන්නා තරමටම බාබි ඩෝල්ස් ගැනද දන්නා බවයි.

බාබි ඩෝල්ගේ උපත සිදු වන්නේ 1959 මාර්තු 9වන දිනයි. එවක් පටන් විකිණී ඇති බෝනික්කන් ප්‍රමාණය බිලියනයකට අධිකය. ඇගේ නිර්මාපකයා රුත් හැන්ඩ්ලර් නම් ඇමරිකානු බහුජාතික කෙලිබඩු නිෂ්පාදන ආයතනයක් වන මැටෙල් හී ආදී කතෘන්ගෙන් එක් සාමාජිකාවකි. සිය දරුවන් සදහා බෝනික්කන් සෑදීම පුරුද්දක් කර ගත් ඈ බාබි ඩෝල්ද නිපදවන ලද්දේ ඔවුන් සදහාය.

ඇයට බාබි ඩෝල් වැනි චරිතයක් නිර්මාණය කිරීමට කැමැත්තක් ඇතිවී ඇත්තේ බාබරා නැමති ඇගේ දියණියි. බාබරා කුඩා කල අනෙක් ක්‍රීඩා භාණ්ඩ හා ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඇගේ ක්‍රීඩා වී ඇත්තේ කුඩා බෝනික්කෙකු බලා කියා ගැනීම , ඔහුට මවක වෙමින් සෙල්ලම් කිරීමය.ඇගේ මෙම ක්‍රීඩා විලාශය බාබි නිර්මාණය වීමට හේතු වී ඇත.
නිෂ්පාදනය කළ මුල් වසරේදීම බාබි බෝනික්කන් 300000ක් විකිනී ඇත.

බාබි ගැන නොයෙකුත් මතවාද හා විවේචන සමාජය තුළ පස් ගිය කාලය තුළ ඉස් මතුවිය මන්ද බාබි යන් සාමාන්‍යයෙන් අගල් 11ක් පමණ වන ප්ලාස්ටින් සෙල්ලම් භාණ්ඩයකටත් වඩා ස්ත්‍රීත්වය සහ සමාජ සංස්කෘතික සාධක මත යම් ආකාරයක බලපෑමක් වූ බැවිනි. ගැහැණු දරුවෙකුගේ චරිතය දරුවන් බලා කියා ගන්නා මවක වීමේ සිහිනය සහිත එකක් ලෙස බාබි ඩෝල් මගින් ඉස්මතු වන බව ඊට විරෝධී ලෙස ගොඩ නැගුණ එක් විවේචනයකි.

1965 එනම් නීල් ආම්ස්ට්‍රෝන්ග් සද මත පාතබන්නට වසර 4 කට පෙර බාබි අජටාකාශගාමිනියක් බවට පත් විය.

මේ වන විට බාබි සමාජ මාධ්‍ය තුළ පමණක් නොව සමස්ත මාධ්‍ය තුළම අනන්‍යතාවත් ගොඩ නගා ගෙන ඇති අතර එය වයස් භේදයක් නොමැතිව කාන්තාවන් ට සමීප වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි