×

සුපිරි පැසිපන්දු ක්‍රීඩක කෝබ් බ්‍රයන්ට් හෙලිකොප්ටර අනතුරකින් මියයයි!

මිය යන විට බ්‍රයන්ට් 41 වෙනි වියේ පසුවිය.


සුපිරි පැසිපන්දු ක්‍රීඩක කෝබ් බ්‍රයන්ට් අද දින සිදූවූ හදිසි හෙලිකොප්ටර අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන් ගත් හෙලිකොප්ටර් යානය කැලිෆෝනියාවේ කලබසාස් නගරය වෙත කඩා වැටී ඇති අතර, අනතුරින් ඔහු හා සිය දියණිය ජියානා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට අනතුරින් හෙලිකොප්ටර යානයේ ගමන් ගත් සියළු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය වෘත්තීය ජීවිතය පැසිපන්දු ක්‍රීඩාවට මුළුමනින් කැප කළ බ්‍රයන්ට් පස් වතාවක් එන්බීඒ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, එල්ඒ ලේකර්ස් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පැසිපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකේ.

මිය යන විට බ්‍රයන්ට් 41 වෙනි වියේ පසුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි