2016 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට පක්ෂපාතී වූ ජනපදවල ද ජනමතයේ බෙදී ගිය තත්වයක් දැකිය හැකිය. මේ නිසාම ස්කයි නිව්ස් වැනි පුවත් සේවාවන් විසින් මේ වන විට ”Divided States” යන නමින් පොඩ්කාස්ට් සේවාවක් පවා ආරම්භ කර තිබේ.
ඒ නිසා නොවැම්බර් 3 වැනිදා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ විට දැකගත හැකි වනු ඇත්තේ ජනපද හරහා ඇදී යන රතු රැල්ලක් ද නිල් රැල්ලක් ද යන්න ගැන තවමත් පවතින්නේ අපැහැදිලි බවකි.
නොවැම්බර් 3 වැනිදාටම ඡන්දය ප්‍රකාශ කරන ලෙස දැඩි ඉල්ලීමක් නැගෙන්නේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවයෙනි .ඒ අනුව ඔහු විශාල වෙහෙසක් දරා, ‘battleground states‘ හෝ ‘Swing States‘ යනුවෙන් හැඳින්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ වැදගත්ම ජනපදවල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අවසන් දින කිහිපය වෙන් කර තිබේ.
බැට්ල් ග්‍රවුන්ඩ් ස්ටේට්ස්
ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සහ උප ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඇතුළු ඩිමොක්රටික් පාර්ශවය ද මෙම ජනපද වල සිය අවසන් ප්‍රචාරණ කටයුතු සිදුකරති.
ෆ්ලොරිඩාව එවැනි එක් ප්‍රධාන ‘බැට්ල්ග්‍රවුන්ඩ් ස්ටේට්‘ එකකි.
මලානියා ට්‍රම්ප් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි ප්‍රකාශ කර වැළඳ ගැනීම හැරුණු විට, පහත දැක්වෙන්නේ ට්‍රම්ප් එහිදී කළ කී දෑ අතරින් ජාත්‍යන්තර ජනමාධ්‍යවල අවධානය දිනාගත් අවස්ථා කිහිපයකි.
පළමු වතාවට දැන් ට්‍රම්ප් මුහුණු වැසුම් ගැන කතා කරන ලීලාවේ වෙනසක් සිදුව තිබේ. ෆ්ලොරිඩා ජනපදයේ ටැම්පා හිදී ඔහු සිය රැළියට සහභාගි වූවන්ට පැවසුවේ, ‘‘අපි දන්නව ලෙඩේ ගැන.. සමාජ දුරස්ථභාවය.. අපි අපිට කරන්න තියෙන හැමදෙයක්ම කරනවා…. ළඟට එනව නම් මාස්ක් එකක් දාන්න.. සෝෂල් ඩිස්ටන්ස්.. සෝෂල් ඩිස්ටන්ස්..‘‘
මෙසේ මොරගෑවේ ලොක්ඩවුන්වලින් කෝවිඩ්-19වසංගතය මර්දනය නොවේ යැයි මෙතෙක් කල් කියූ ඩොනල්ඩ් ට්‍රප්ම් ය. කෙසේ නමුත් මෙම රැලිය වාර්තා කිරීමට ගොස් සිටි සීඑන්එන් පුවත් සේවයේ මේගන් වැස්කාස් වාර්තා කරන්නේ ට්‍රම්ප්ගේ එම රැළියට පැමිණි පිරිසෙන් වැඩි කොටස මාස්ක් නොදැමූ බවයි. එපමණක් නොව, ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය ද මාස්ක් පැළඳ සිට නැත!
2020 ජනාධිපතිවරණයේදී ඇමරිකානු ඡන්ද පදනම කොතරම් බෙදී ගොස් තිබේදැයි සජීවීම උදාහරණ සපයන්නේ ඇමරිකාවේ “Wives of the Deplorables” නමැති පුද්ගලික ෆේස්බුක් ගෘපයයි. මෙය ආරම්භ කර තිබෙන්නේ දක්ෂිණාංශික අදහස් දරන පිරිමින් ව විවාහ කර ගත් වාමාංශික අදහස් දරන කාන්තාවන් විසිනි. මේ වතාවේ එය පිරී ගොස් තිබෙන්නේ පවුල් ප්‍රශ්නවලිනි. එයට හේතුව, එම පවුල්වල පුරුෂයන් ට්‍රම්ප්ට ඡන්දය දැමිය යුතු යැයි කියන විට කාන්තාවන් ජෝ බයිඩන් වෙත ඒකමතිකව කැමැත්ත පළ කිරීමයි!
මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති FiveThirtyEight සහ The Economist පූර්වාපේක්ෂණයන් වලට ද අනුව මෙවර ජනාධිපතිවරණයේ ජයග්රහණයෙන් වැඩි බරක් තිබෙන්නේ ඩිමොක්රටික් පක්ෂය සහ ජෝ බයිඩන් වෙතට ය. මේ පර්යේෂණයන්ට සම්බන්ධ වූ data journalists හෙවත් දත්ත ඇසුරෙන් මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍ය වේදීන්ගේ ද අදහස වී තිබෙන්නේ දැනට පවතින තත්වය අනුව ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.
කෙසේ නමුත් ඉතිරි වී තිබෙන දින 3 අතිශය තීරණාත්මක වන්නේ, ඇමරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම දේශපාලන නැමියාවන් සහ ප්රජාතන්ත්රවාදයේ නැමියාවන්ට බලපෑම් කිරීමට ඉතිහාසය පුරාම ඇමරිකාවේ ජනාධිපතිවරයා සමත් වී ඇති නිසා ය.
ඇමරිකානු ජනාධිපතිවරණයේ උණුසුම් තතු රැගත් සියලු ලිපි මෙතැනින් කියවන්න.