×

Coding සඳහා කෘතිම බුද්ධියෙන් බලගැන්වූ මෘදුකාංගයක් – Bayou

මේ ආරංචිය අලුතෙන්ම තාක්ෂණික කරළියට ආ tool එකක් ගැනයි. Bayou නම්වන මෙය, Coding හා සම්බන්ධ deep learning tool එකක් ලෙස තමයි නිර්මාණය වෙන්නේ.


එය Coding වලදී අපිට උදව්වක් දෙන්න පුළුවන් app එකක් ලෙස සරලව හැදින්විය හැකියි. Rice University හි Intelligent Software Systems Laboratory සාමාජිකයන් කණ්ඩායමකගේ සාමූහික ප්‍රයන්තයක ප්‍රතිඵලයක් ලෙසින් Bayou නිර්මාණය වී ඇත.

Google සහ DARPA සමාගම්වල අනුග්‍රාහකත්වයෙන් ගොඩනැගුණු මේ tool එක, deep learning research හා සම්බන්ධව 6 වන වරට, 2018 මැයි 1 වෙනිදා පැවැත්වුණු ‘International Conference on Learning Representations’ සමුළුවේදී ප්‍රථම වරට ලෝකය හමුවට ඉදිරිපත් වුණි. එහිදී මේ tool එක නිර්මාණය කළ පිරිසගේ අදහස වුණේ පහුගිය වසර 60කට අසන්න කාලය පුරාවට විවිධ කණ්ඩායම් coding හා සම්බන්ධ tools නිර්මාණය කළත් මේ තරම් අවම මට්ටමේ user interaction එකක් සහිතව සාර්ථක code snippets ලබා දෙන්න පුළුවන් tool එකක් නිර්මාණය නොවුණ බවයි. මෙහි විශේෂත්වය වෙන්නේ userගෙන් ලැබෙන සුළු keywords ප්‍රමාණයක් මත code එක මොන විදියේ එකක්ද කියන කාරණාව තීරණය කරන්න මේ tool එකට හැකියාව තිබීමයි.

Bayou අපිට ලබා දෙන්නේ JAVA code එකක්. Tool එකේ Training session වලට අදාළව store වෙලා තියෙන JAVA programs වල API calls, library functions, types වගේ meta data විශේෂ ක්‍රමයකට label කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි Neural sketch learning කියන ක්‍රමවේදය යටතේ GitHub හි අන්තර්ගත codes 1500 ක පමණ රටාවන් මේ Bayou tool එක අධ්‍යනය කර ඇති බව වාර්තා වේ. user කෙනෙක් මේ tool එකට keywords input කළාට පසුව එය තමන් සතු, තමන් අධ්‍යනය කළ ඇති pattern එකකට ඒ user inputs ගලපාගෙන ඒ අනුව code snippets ලබා දීම සිදු වේ. මෙහි ක්‍රියාකාරිත්වය හුදෙක් web browser එකකින් results display කිරීමට සමානය . Userට වඩාත්ම සුදුසු code segment එක මුලින්මත්, ඉන්පසුව user requirements satisfy කළ හැකි තවත් code segments කීපයකුත් userට ප්‍රදර්ශනය කිරීම මින් සිදු වේ.

බොහෝ දෙනා පවසන ආකාරයට Bayou යනු coding සම්බන්ධව දැනට නිර්මාණය වී ඇති වැදගත්ම tool එකකි. මෙහි නිර්මාණ කණ්ඩායම වන විජයරඝවන් මුරලි, ලේටාඕ කි, ස්වාරත් චෞදරී සහ ක්‍රිස් ජෙරමයින් යන අයගේ එකම බලාපොරොත්තුව දැනට permissive open-source license එකක් යටතේ release කර ඇති මේ tool එක තව තවත් දියුණු කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි