×

අලුත් ලෝකය සමඟ මුසුවන්න නවමු පිම්මක් සොයන BBC!

BBC One ඇතුළු එහි විකාශන නාලිකා වසා දමා අන්තර්ජාලයෙන් පමණක් වැඩසටහන් බෙදා හැරීමට බීබීසී(BBC) සැලසුම් කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි අනාවරණය කර තිබේ.


BBC One ඇතුළු එහි විකාශන නාලිකා වසා දමා අන්තර්ජාලයෙන් පමණක් වැඩසටහන් බෙදා හැරීමට බීබීසී(BBC) සැලසුම් කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි අනාවරණය කර තිබේ.

BBC විසින් නුදුරු අනාගතයේ දී අනෙකුත් නාලිකා වසා දමනු ඇත, එය “එක් සරල, තනි වෙළඳ නාමයක් යටතේ” ක්‍රියාත්මක කරන බවට ඩේව් රාජකීය රූපවාහිනී සංගමයට මේ පිළිබඳව පවසා සිටියේ ය.

ඒ අනුව BBC One, BBC Two, BBC Three සහ BBC Four යන නාලිකා “BBC” ලෙස එකම සන්නාමයක් යටතේ එක්සත් කරන බව අවධාරණය කරයි.

BBC හි සිය උත්සාහය වන්නේ ඩිජිටල් ලෝකය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කිරීමත්, Freeview වැනි ඩිජිටල් භූමිකාවන් හි විකාශන සේවා ක්‍රියා විරහිත කිරීමටත් සැලසුම් කරන බව ඩේව් තව දුරටත් පවසා සිටියේ ය.

මෙම කර්තව්‍යය සඳහා සියල්ලන් සම්බන්ධ වී සිටින බවත්, ඔවුන්ගේ රූපවාහිනිය සහ ගුවන්විදුලිය යන භූමිකාවන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව ද සහතික කිරීම සඳහා එක්ව වැඩ කළ යුතු බවත් ප්‍රකාශ කර තිබුණි.

අනාගත ඩිජිටල් සංක්‍රාන්තියට පෙළගැසෙන BBC හි සූදානම කෙසේ වේ ද? යන පැනයට එය “ඥානවන්ත සූදානමක්” බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි