×

චීනය මීළඟ කෝවිඩ් රැල්ලට සැරසෙයි – බෙයිජිං ගුවන් තොටුපොළේ රහසිගත කෝවිඩ් වාට්ටු!

චීනය තුළින් නැවත වරක් නව කොරෝනා රැල්ලක් මතු වෙමින් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ස්කයි නිවුස් පුවත් සේවයට අනුව බෙයිජිං නුවර මේ වන විට ඇඳන් 1000 කින් යුක්ත රෝහලක් නවීකරණය වෙමින් පවතියි. මෙම රෝහල 2003 වසරේ සාර්ස් වසංගතය පැතිර යන සමයේ ඉදි කළ රෝහලකි. හදිසි අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගත හැකි පරිදි මෙම රෝහල නවීකරණය කෙරේ.

රහසිගත රෝහල්

මේ අතර, නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ බෙයිජිං ගුවන්තොටුපොළ මධ්‍යයේ ද ඇඳන් දහස් ගණනකින් යුක්ත තාවකාලික රෝහල් පද්ධති ඉදි කෙරෙමින් පවතින බවයි. නමුත් චීන රාජ්‍ය මාධ්‍ය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

ගතවූ සති 2 ක කාලය තුළ බෙයිජිං අගනුවරින් නව කෝවිඩ් රෝගීන් 450 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ (සඳුදා) එම ප්‍රමාණය 62 ක් විය. එයින් 11 දෙනෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා තිබීම ද වැදගත් ය.

සියලු පාසල් වසා දැමේ

පසුගිය සිකුරාදා දිනයේ බෙයිජිං හි අධ්‍යාපන බියුරෝව නියම කළේ සියලු පාසල් වසා දමන ලෙස ය.

මැයි දිනය තුළ සියලු ආපනශාලා වසා දමන ලෙස ද නියම කර තිබිණි. ‘තහනම් නගරය’ සහ බෙයිජිං සත්වෝද්‍යානය වැනි සංචාරක ආකර්ෂණයන් ද බදාදා දිනය වන තෙක් වසා දැමීමට නියම කර තිබේ.

මිලියන 21 ක ජනතාවක් වහාම පරීක්ෂාවට

බෙයිජිං නුවර ජීවත් වන මිලියන 21 ක ජනතාවක් පසුගිය සතියේ සිට මහා පරිමාණ කෝවිඩ් පරීක්ෂාවන්ට නැවත ලක් කෙරෙමින් ඇත.

චීනය පවසන්නේ තමන් සීරෝ කෝවිඩ් හෙවත් කෝවිඩ් ශුන්‍යයක් වන තෙක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. නමුත් සත්‍ය තොරතුරු වසං කිරීමේ රුසියන් වන චීනය, මෙවරත් රට තුළ පවතින බරපතළ තත්වයක් ලෝකයෙන් වසං කරමින් තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත.

පෙර ලිපිය

COVID-19: ”බියකරුම ප්‍රභේදයක් ඉදිරියට”- බිල් ගේට්ස් අනතුරු අඟවයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි