×

මීළඟ වූහාන් නගරය බෙයිජිං ද? – ගුවන් ගමන් අත්හිටුවයි පාසල් වසා දමයි

අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලු කටයුතු අත්හිටුවා ඇති අතර ක්‍රීඩා උත්සව, විනෝද කටයුතු වැනි දෑද අත්හිටුවා තිබේ.


චීනයේ බෙයිජිං නගරයේ කොවිඩ් 19 අවදානම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

මේ නිසා බෙයිජිං නගරයේ කලාප 27 කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන සීමා පනවා තිබේ.

අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාවට එම ප්‍රදේශවලින් පිටතට යාම ද තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේදී චීනයෙන් ආසාදිතයන් 44 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 31 දෙනෙකුම බෙයිජිං නගරයෙන් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් දින 06 තුළදී බෙයිජිං නගරයෙන් පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 137 ක් පමණ වේ.

මෙවැනි තත්වයක් වාර්තා වන්නේ පසුගිය බ්‍රහස්පතින්දා සිට වන අතර ඊට පෙර දින 57 ක කාලය තුළදී බෙයිජිං නගරයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොතිබිණි.

බෙයිජිං නරගයේ වෛරසය ව්‍යාප්ත වීම කෙසේ හෝ පාලනය කර ගැනීම සඳහා චීන බළධාරීන් පියවර ගනිමින් තිබෙනවා.

ඊට හේතුව වන්නේ යම් හෙයකින් වූහාන් නරගයට අත් වූ ඉරණම වැනි තත්වයක් බෙයිජිං නගරයට මුහුණදීමට සිදු වුවහොත් එය චීනයේ සමස්ත සමාජ ආර්ථික ක්‍රියාවලියටම බරපතල ගැටලුවක් වනු ඇත.

චීනයේ අග නගරය වන බෙයිජිංහි මිලියන 21.5 කට අධික ජනතාවක් වාසය කරයි.

මේ වනවිට බෙයිජිං නගරයේ සිට ආරම්භ වන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර සියලු පාසල් වසා දමා තිබේ.

අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලු කටයුතු අත්හිටුවා ඇති අතර ක්‍රීඩා උත්සව, විනෝද කටයුතු වැනි දෑද අත්හිටුවා තිබේ.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි