×

චීනය තුන්වන දිනටත් තායිවානය අසල යුධ අභ්‍යාස පවත්වයි

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබුණේ චීන හමුදා ගුවන් යානා 70 ක් සහ යාත්‍රා 11 ක් හඳුනාගෙන ඇති බවයි.


බීජිංහි විරෝධතාවය නොතකා තායිවාන ජනාධිපති සායි ඉන්ග්-වෙන්ග් කැලිෆෝනියාහිදී එක්සත් ජනපද සභා කථානායක කෙවින් මැකාති හමුවීමට විරෝධය පල කරමින් ස්වයං පාලන දිවයිනට “දැඩි අවවාදයක්” ලෙස චීනය විසින් තුන්වන දිනයටත් අඛණ්ඩවම සිය යුධ අභ්‍යාස තායිවානය අවට සිදුකරන බව වාර්තා වේ.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබුණේ චීන හමුදා ගුවන් යානා 70 ක් සහ යාත්‍රා 11 ක් හඳුනාගෙන ඇති බවයි.

1927-1949 චීන සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස තායිවානය, චීනයේ ප්‍රධාන භූමියෙන් වෙන්ව පාලනය වන නමුත් එය නිල වශයෙන් පිළිගනු ලබන්නේ රටවල් අතළොස්සක් පමණි.

එක්සත් ජනපදය විසින් දශක ගනනාවක් තිස්සේ ආයුධ අලෙවිය සමඟ දිවයිනේ ආරක්ෂාවට සහාය ලබා දී ඇති අතර පවතින තත්වය පිළිබඳව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, තත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට කලාපය තුළ ප්‍රමාණවත් සම්පත් සහ හැකියාවන් එක්සත් ජනපදයට ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි