×

බැංගලෝරයට කාන්තා ටැක්සි බල ඇණියක්

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අගනුරවර (IT capital) වශයෙන් හැඳින්වෙන බැංගලෝරයේ ගුවන් තොටුපොළ වෙත පැමිණෙන කාන්තා මගීන් සඳහා දැන් කාන්තා ටැක්සි සේවාවක් ආරම්භ කර තිබේ.


කෙම්පගොව්ඩා අන්තර්ජාතික ගුවන්තොටුපොළ (BLR Airport) වෙත ගමන් ගන්නා කාන්තා මගීන්ට මෙම කුලී රථ සේවය ලබාගත හැක.

මෙහි පළමු පියවර, කැබ් රථ 10 කි. උදෑසන 6 සිට රාත්‍රී 12 දක්වා ටැක්සි රථ සේවය ක්‍රියාත්මක අතර, ගාස්තුව කිලෝමීටරයකට ඉන්දීය රුපියල් 21.50 සිට රාත්‍රියේදී ඉන්දීය රුපියල් 23.50 ක් වේ.

මෙම කුලී රථ සේවය ලබාගත හැක්කේ තනි තනි හා කණ්ඩායම් ලෙස පැමිණෙන කාන්තා මගීන් හට පමණකි.

කුලී රථ රියැදුරුවරියන් ලෙස බඳවාගෙන තිබෙන්නේ ගුවන් තොටුපොළ ආශ්‍රිතව ජීවත් වන රියැදුරු බලපත්‍ර සහිත කාන්තාවන් ය. ඔවුන්ට ආත්මාරක්ෂාව පිළිබඳ ශිල්පය ද උගන්වා ඇති බව සඳහන් වේ.

GPRS tracking සහ SOS switch වැනි නූතන තාක්ෂණය ද මෙම කුලී රථවලට ලබා දී ඇත.

මෙය කර්ණාටක ප්‍රාන්තයේ සංචාරක ප්‍රවර්ධන සමාගම විසින් ගනු ලැබූ වැදගත් තීරණයකි. ඒ සඳහා බැංගලෝර අන්තර්ජාතික ගුවන් සේවා සමාගම ද පූර්ණ අනුග්‍රහය දක්වයි. කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර අත්‍යාවශ්‍ය වූ බව බලධාරීහු කියති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි