×

ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් ධූර දැරු අගමැති ලෙස නෙතන්යාහු නම් කෙරේ

1996 වසරේදී ඊශ්‍රායලයේ ලාබාලතම අගමැතිවරයා ලෙස පත්වූයේද ඔහුය


බෙන්ජමින් නෙතන්යාහු ගේ නම මෙතෙක් ඊශ්‍රායලය පාලනය කළ අගමැතිවරුන් අතරේ දීර්ඝතම කාලයක් ඊශ්‍රායලය පාලනය කළ අගමැතිවරයා ලෙස ඉතිහාස ගත විය.

මින් පෙර දීර්ඝතම කාලයක් ඊශ්‍රායලය පාලනය කළ අගමැතිවරයා ලෙස නම් ලබා සිටියේ ඊශ්‍රායලයේ පියා ලෙස සළකන එරට පළමු පාලක ඩේවිඩ් බෙන් ගුරියන් ය.

පසුගිය දශක දෙකක කාලය තුළ බෙන්ජමින් නෙතනයාහු දින 4867ක් අගමැති ධූරයේ කටයුතු කර ඇත. 69 හැවිරිදි ඔහු 1996 වසරේ 46 හැවිරිදි වියේදී ඊශායලයේ ලාබාලතම අගමැතිවරයා ලෙස තේරී පත් වූ නෙතන්යාහු මෙම වසරේ ඔහුගේ පස්වන ධූර කාලය ආරම්භ කරන ලදී.
‘King Bibi යන අන්වර්ථ නාමයෙන් හදුන්වන නොතන්යාහු ඊශ්‍රායලයට සාමය උදා කිරීම සදහා වඩාත් කැපවීමක් දැරූ අගමැතිවරයා ලෙස සැළකේ.

මේ වන විට ඔහුට එරෙහිව දූෂණ වංචා චෝදනා පැවතියද ඔහු විසින් ඒවා ප්‍රතික්ෂේප කර සිටී, ඊශ්‍රායලයේ 9 වන අගමැතිවරයා වන ඔහු 1996 වසරේ සිට 1999 දක්වාද ඉන්පසු 2009 වසරේ සිට මේ දක්වාද අගමැති ධූරය හොබවමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි