×

නත්තලේ නගරය, බෙත්ලෙහෙම

මුල්වරට රෝමානු අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින්ලේ මව ශාන්ත හෙලේනා රැජින විසින් දේව මාලිගාවක් දේව මාළිගාවක් ඉදි කළ බව කියැවේ. කාලයත් සමග ඇතිවූ ගැටුම්ද සමග මෙම දේව මාළිගාව ඉතා ඉක්මණින් විනාශයට පත් විය.


බෙත්ලෙහෙම අපේ මතකයට නැගෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ උප්පත්ති කථාවත් සමගිනි. ජුදා කඳුකරයේ පිහිටි මේ අසිරිමත් නගරය ජෙරුසලම් නගරයේ සිට කිලෝමීටර් අටක් තරම් දුර දකුණු දෙසට පිහිටා ඇත. අදටත් ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් බෙත් ලෙහෙම කර දහස් ගණනක් කිතුණුවෝ ලෝකයේ සෑම රටකින්ම පාහේ ඇදී එයි. කලකට පෙර පලස්තීනයට අයත්ව පැවති නගරයක් වුවත් අද වන විට එය ඊශ්‍රායලයට අයත් වන්නේය. නමුත් ඒ පිළිබඳවද ඇත්තේ විවිද මතිමතාන්තරයන්ය. නත්තල් සමයේ මෙම පූජනීය ස්ථානය වන්දනා කරුවන් හා සංචාරකයන් දහස්ගණනකින් පිරී ඉතිරී යයි.

කලින් කලට අවට රටවල් කිහිපයක් විසින් අයිති වාසිකම් කියන ලදුව මුල් කාලයේදී පලස්තීනය විසින් පාලනය කළ නගරයක් වූ නිසාම බෙත්ලෙහම් නාමය ආරිබි භාෂාවෙන් පැන නැගුණ බව ඇතැමුන්ගේ මතයයි අරාබි භාෂාවෙන් Bayt Lahm යන්න ඉන් අර්ථ වෙයි එහි තේරුම මාංශ නිවස යන්නයි. හීබෲ බසින් bet ˈleχem යන්න එනම් ආහාර නිවස ආදී ලෙස අර්ථ දක්වා ඇත.

මෙවැනි අර්ථ දැක්වීම්ද සමග සැබවින්ම ජේසු තුමන් ඉපදුනේ බෙත්ලහෛම් නගරයේ නොවන බවට ඇතැමුන්ගේ අදහස විය. බෙහෝ මතිමතාන්තර වලට අනුව කියවුණේ ජේසු තුමා උපන්නේත් එතුමා හැදී වැඩුණු නාසරෙත් නමැති ගමේම බවයි. නමුත් මේ වන විට බෙහෝ සාක්ෂි සහිතව වසර අවුරුදු දෙදාහකට අධික කාලයක් පුරා සිට වැඩි පිරිසකගේ විශ්වාසය බවට පත්ව ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත සිදු වූයේ බෙත්ලෙහෙම් නගරයේ බවයි.

ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ කථාවේදී බයිබලය විසින් බෙත්ලෙහෙම ගැන මුල් වරට සඳහන් කරනු ලබයි. අතීත ඊශ‍්‍රායල් වරුන්ගේ රජු ලෙස සැලකූ දාවිත් ගේ පාලනයට යටත් ව තිබුණූ ජුදයාව ලෙසින් හැඳින්වුණූ ප්‍රදේශයේ උප පාලන ප්‍රදේශයක් ලෙස බෙත්ලෙහෙම සළකනු ලැබිණි .

ශාන්ත ජස්ටින් මාටීර් තුමා විසින් මුල්ම වතාවට ජේසුස් වහන්සේ උපත ලැබූ ස්ථානය බෙත්ලෙහෙම නගරය තුළදී මුලින්ම සොයා ගත් බව සැලකෙන්නේය. ඉන් පසුව එහි මුල්වරට රෝමානු අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින්ලේ මව ශාන්ත හෙලේනා රැජින විසින් දේව මාලිගාවක් දේව මාළිගාවක් ඉදි කළ බව කියැවේ. කාලයත් සමග ඇතිවූ ගැටුම්ද සමග මෙම දේව මාළිගාව ඉතා ඉක්මණින් විනාශයට පත් විය.

ඉන් පසු මේ වන විට එහි ඇති ග්‍රීක ඕතඩොක්ස් දෙවු මැදුර රෝමානු කතෝලික හා ආර්මේනියානු අදහන්නන් සියල්ලන්ගේද පුදබිමක් බවට පත් ව ඇත.

අද වන විට සංචාරක නගරයක් ලෙස ලෝකයේ සියල්ලන්ම දන්නා හඳුනන නගරයක් බවට පත්ව ඇති බෙතේලෙහෙම කෘෂිකාර්මික හා වෙළඳ නගරයක් ලෙසද ආසන්නයේ තිබෙන ජෙරුසලම් නගර සමගයි. අද වන විට කිතුණු දහම අදහන්නන් වැඩි පිරිසක් ජීවත් වන බෙත්ලෙහෙමේ මෙන්ජර් චතුරශ්‍රය අද නත්තල් උත්සවයේ ප්‍රධානතම සංඛේතයක් බවට පත්වී ඇත. සෑම වසරකම පාහේ මෙහේ ඉදිවන ඉතා දර්ශනීය මෙන්ම ඉතා විශාල නත්තල් ගසකිතුණු බැතිමතුන්ගේ සිත් දිනා ගත් ප්‍රසිද්ද කිතුණු සංඛේතයක් පවට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි