×

‘රත්තරන් කෙල්ල’ට 100 යි – සාදයට ඔබත් එන්න!

80-90 දශකවලදී ඇය හැඳින්වුණේ 'ගෝල්ඩන් ගර්ල්' හෙවත් 'රත්තරන් කෙල්ල' කියා ය.


1985-1992 අතර කාලයේ ඇමරිකානු රූපවාහිනිය ඔස්සේ විකාශය වු ‘ද ගෝල්ඩන් ගර්ල්ස්’ සිට්කොම් මාලා නාටකය ඔස්සේ සොෆියා හෙවත් රත්තරන් කෙල්ල බවට පත් ව හොඳම ප්‍රහසන මාලා නාටකය ලෙස එමී සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රැසක් දිනා දුන්නේ ඇය බව නොරහසකි. විනෝදාස්වාදය සපයන්නියක ලෙස ඉතිහාසයේ වැඩිම කාලයක් ඇමරිකානු රූපවාහිනී ක්ෂේත්‍රයට දායක වූ තැනැත්තිය ලෙස ගිනස් වාර්තා පොතට 2013 වසරේදී එක් වී තිබියදීත් ඇය තවත් දශකයට ආසන්න කාලයක් පුංචි තිරයේ රැඳී සිටින්නීය. ඇය බෙටී වයිට් ය. 2022 ජනවාරි 17 දාට ඇගේ වයස අවුරුදු 100 කි.

“Saturday Night Live” ජනප්‍රිය වැඩසටහන මෙහෙයවන්නිය ලෙස ද බෙටී වයිට් කලක් කටයුතු කර තිබේ.

‘ද ගෝල්ඩන් ‌ගර්ල්ස්’ හි චරිත නිරූපණය කරන විට වයස අවුරුදු හැට ගණන්වල පසුවුවද ඇය එදා නිරූපණය කළ තරුණ ජවය ඇමරිකානු පුංචි තිරය තුළ අදත් නොමැකේ.

The Golden Girls සැලකෙන්නේ ඇමරිකානු රූපවාහිනී ඉතිහාසය තුළ එදා මෙදාතුර විකාශය වූ හොඳම තිර පිටපතක් සහිත මාලා නාටක 101 අතරේ ය. එම විශිෂ්ට තිර පිටපත ද ඇගේ මහිමය වැඩි කරන්නට හේතු වන්නට ඇත.

 

 

දැන්, බෙටී වයිට්, තවමත් සුන්දර තරුණියක සේ මද සිනා පාමින්, තමන්ගේ සිය වැනි ජන්ම දිනය විශේෂම ක්‍රමයකට සමරන්නට සුදානම් වෙයි.

ඒ, “Betty White: 100 Years Young—A Birthday Celebration” නමැති විශේෂ චිත්‍රපට දර්ශනයක් සමග ය. ඇගේ දිනපතා ජීවිතය, සිය කාර්යාල කාර්ය මණ්ඩලය සමග ඇය කටයුතු කරන ආකාරය, තිරයෙන් පිටුපස දර්ශන මෙන්ම සත්ව හිමිකම් සුරකින්නියක් ලෙස සිය හඬ අවදි කළ ආකාරය ද ඇතුළත් මතක ගොන්නක් මෙයින් දිග හැරෙනු ඇත.

ඇමරිකානු ඉතිහාසය තුළ ජාතික තලයේ රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කළ පළමු කාන්තාව මෙන්ම, එමී නාමයෝජනාවක් දිනාගත් පළමු කාන්තාව බවට බෙටී වයිට් පත් වූ ආකාරය ද මෙයින් දිග හැරෙනු ඇත.

ඇය සමග ඒ මතකය බෙදාගන්නට එකතු වී සිටින්නේ ද දැවැන්තයන් ගොන්නකි. ඒ අතර, සම්මානනීය නළු ක්ලින්ට් ඊස්ට්වුඩ්, ජිමී කිමෙල්, ටීනා ෆේ වැන්නෝ ද සිටිති.

කෙනෙක් මිය ගිය පසුව ලියැවෙන-ගැයෙන අනුස්මරණ කවි කතාවලට වඩා බෙටී වයිට් මෙහිදී පියවරක් ඉදිරියට තබයි. ලොව පුරා සිටින තමන්ගේ සියලු රසික රසිකාවියන්ට ඇය මේ චිත්‍රපට දැක්ම සඳහා එක්වන ලෙස ආරාධනා කරයි. ජීවිතයේ එළිපත්තේ සිටින චරිතවලට වැදගත් වන්නේ මරණින් මතු තමන්ගේ ගුණ සැමරෙන අයුරු සිතින් විමසමින් සතුටු වීම නොවිය හැක. සියලු සතුට-දුක අදාළ වන්නේ ජීවත් වන කාලයේ ය. බෙටී වයිට් හෙවත් රත්තරන් කෙල්ල, තමන්ව සැමරීමේ වගකීම තමන් විසින්ම භාරගන්නේ, එය සැමරීමේ වගකීම අනුන් වෙත නොපවරවමිනි. ඔව්, සැමරිය යුත්තේ ජීවිතය මිස මරණය නොවේ.

* * *

ඇමරිකාවේ ජාතික සම්පතක් (National Treassure) ද ලෙස සැලකුම් ලබන බෙටී වයිට්ගේ ජීවිතයේ ඡායාරූපමය මතකයකි, මේ.

1954 වසරේදී බෙටී වයිට්. 1922 වසරේ ඇමරිකාවේ ඉලිනොයිස් හි උපත ලද බෙටී, “This Is Your FBI” සහ The Great Gildersleev වැනි රේඩියෝ වැඩසටහන්වලින් පසුව 1949 වසරේදී “Hollywood on Television” හි සම වැඩසටහන් මෙහෙයවන්නිය ලෙස රූපවාහිනියට පිවිසියාය. Elmer Holloway/NBC/Getty Images

 

ලොසැන්ජලිස් හි විකාශය වූ දිනපතා සංවාද වැඩසටහනක් වූ “Hollywood on Television” මෙහෙයවමින්. Nigel Dobinson/Getty Images

 

1955 ලොසැන්ජලීස් නුවර නත්තල් ගමනක. Earl Leaf/Michael Ochs Archives/Getty Images

 

1956 වසර. Hulton Archive/Getty Images

 

“Life With Elizabeth” සහ “Date With the Angels” රූපවාහිනී මාලා නාටකවල සිටි 50 දශකයේ ජනප්‍රියම නිළියකි, ඇය. ABC Photo Archives/Getty Images

 

1957 ඩේට්රොයිට් සත්වෝද්‍යානයේදී හමුවූ අලුත් මිතුරා සමග බෙටී වයිට්. ABC Photo Archives/Getty Images

 

1957 “Date With the Angels” හි දර්ශනයක්. ABC Photo Archives/Getty Images

 

1967 වසරේදී “Password” නමැති ගේම් ෂෝ එකකට ද ඇය සහභාගි වූවාය. බෙටී විවාපත් වූයේ එහි “Password” වැඩසටහන මෙහෙයවූ Allen Ludden සමග ය. 1981 වසරේ ඇලන් මිය යන තෙක්ම බෙටී ඔහුගේ ආදරණීය බිරිඳ බවට පත්ව සිටියාය. CBS/Getty Images

 

බොහෝ නිළියන්ගේ වෘත්තීය සාර්ථකත්වය ප්‍රශ්නාර්ථයක්ව පැවති අවධියේදී බෙටී, 1970 දශකයේ “The Mary Tyler Moore Show” හි සහාය නිළිය ලෙස විශාල සාර්ථකත්වයක් ලබාගත්තාය. හොදම සහාය නිළිය ලෙස එමී සම්මාන දෙකක් ද මෙම මාලා නාටකය නිසා ඇයට හිමි විය. CBS Photo Archive/Getty Images

 

“The Mary Tyler Moore Show,” හි සාර්ථකත්වයෙන් පසු බෙටී තමන්ගේම රූපවාහිනී මාලා නාටක නිෂ්පාදනයට පිවිසෙයි. ඒ අනුව ඉතිහාසයේ පළමු රූපවාහිනී මාලා නාටක නිෂ්පාදකවරිය බවට පත් වෙමින් ඇය “The Betty White Show” (1977-78) නිෂ්පාදනය කළාය. Everett Collection

 

1981 වසරේදී ටාසන් ඇඳුමකින් සැරසී “The Tonight Show”. NBCUniversal/Getty Images

 

1988 වසරේ ඩිස්නිලන්තයේදී මිකී මවුස් සමග. Courtesy Everett Collection

 

හොඳම නිළිය ලෙස එමී සම්මාන 5 ක් සහ එමී නාම යෝජනා 5 ක් බෙටී හට දිනාදුන් ‘ද ගෝල්ඩන් ගර්ල්ස්’ හි රංගනයක. ABC Photo Archives/Getty Images

 

බෙටී වයිට් ප්‍රකට සත්ව සුබසාධන සහ අයිතිවාසිකම් ක්‍රියාකාරිනියකි. ඇය 1997 වසරේදී තිරගත වූ “As Good as it Gets” චිත්‍රපටයෙන් කොටසක් රඟපෑම ඇය ප්‍රතික්ෂේප කළේ සුනඛයෙකුව විසි කර දමන දර්ශනයක් ඇයට රඟපෑමට නියමිතව තිබූ නිසා ය. ©20thCentFox/Courtesy Everett Collection

 

2009 වසරේ සැන්ඩ්‍රා බුලොක් සමග “The Proposal” චිත්‍රපටයේ. Same Emerson/©Walt Disney Studios Motion Pictures/Courtesy Everett Collection

 

2010 වසරේ “Saturday Night Live” වැඩසටහන් මෙහෙයවන්නිය ලෙස. ඇය ඒ සඳහා ද එමී සම්මානයක් දිනා ගත්තාය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 88 කි. එම වැඩසටහන මෙහෙයවූ වයස්ගතම තැනැත්තා බවට ඇය ඉතිහාසගත ව තිබේ. Dana Edelson/NBC/Getty Images

 

2010 වසරේදී අමුතු ගති ඇති මහාචාර්යවරියක ලෙස “Anthropology 101” හි රංගනයට එක් වෙමින්. Haston/NBC/Getty Images

 

2015 වසරේදී “Bones” රූපවාහිනී මාලා නාටකයට එක් වෙමින්. විනෝදාස්වාදය සපයන්නියක ලෙස ඉතිහාසයේ වැඩිම කාලයක් රූපවාහිනී ක්ෂේත්‍රයට දායක වූ තැනැත්තිය ලෙස ගිනස් වාර්තා පොත්වලට ඇය එක් වී ඒ වන විට වසර 2 කි. 2015 වසරේදී ඇගේ වයස අවුරුදු 74 ක් විය. ©20th Century Fox/Courtesy Everett Collection

 

2010 වසරේදී “You Again” චිත්‍රපටයේ. Mark Fellman/©Touchstone Pictures/Courtesy Everett Collection

 

”මේ වයසෙදිත් මට වැඩ කරන්න ඇරයුම් ලැබෙනවා. හෙටත් වැඩ කරන්න තියෙන බව කියමින් තමයි, මම කවදහරි මැරෙන්නෙත්!” – බෙටී වයිට් 2010 වසරේදී ජීවිත කාලය තුළ එක් වරක් පමණක් පිදෙන සම්මානය Screen Actors Guild Awards හිදී දිනා ගනිමින්.”Frazer Harrison/Getty Images

 

“If You Ask Me (And Of Course You Won’t)” යනුවෙන් 2011 වසරේදී ඇය සිය ජීවිත කතාව ලියුවාය. Bob Riha Jr./Getty Images

 

2015 වසරේ TV Land Awards හිදී Legend Award සම්මානය ලබමින්. Chris Pizzello/Invision/AP

 

2018 වසරේ එමී සම්මාන උළෙලේදී ඇලෙක් බෝල්ඩ්වින්, රත්තරන් කෙල්ල සිප ගනිමින්. Kevin Winter/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි