×

දකුණු ආසියාවේ සමරිසිභාවය නිර්සාපරාධීකරණය කළ තෙවන රාජ්‍යය බවට භූතානය පත්වෙයි!

භූතානය යනු බහුතර බෞද්ධ ප්‍රජාවක් ජීවත් වන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් සහිත රාජ්‍යයක් වීම ද විශේෂත්වයකි.


භූතාන පාර්ලිමේන්තුව විසින් සමරිසිභාවය නිර්සාපරාධීකරණය කොට තිබේ.

ඒ අනුව දකුණු ආසියාවේ සමරිසි ලිංගික ක්‍රියා අපරාධ වරදක් නොවන බවට ප්‍රකාශ කළ තුන්වන රාජ්‍යය බවට භූතානය පත්වේ.

භූතානයේ දණ්ඩ නීති සංග්‍රහයේ සමරිසිභාවය සාපරාධීකරණය කිරීමට තුඩු දුන් 213 / 214 වගන්ති ඉවත් කිරීමට එරට ඉහළ සහ පහළ පාර්ලිමේන්තුව විසින් ඒකාබද්ධව තීරණය කර තිබීම මෙහි විශේෂත්වයයි.

මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් 10 වන දින ය.

භූතානයේ ජාතික කවුන්සිලය සාමාජිකයින් 69 දෙනෙකු ගෙන් සමන්විත වන අතර, ඉන් සාමාජිකයින් 63 දෙනෙකු ම මීට පක්ෂව සහාය පළ කර ඇති අතර, ඉතිරි සාමාජිකයින් සය දෙනා තීන්දුව සඳහා සභාව තුළ නොසිටි බව ද වාර්තා වේ.

භූතානය යනු බහුතර බෞද්ධ ප්‍රජාවක් ජීවත් වන ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් සහිත රාජ්‍යයක් වීම ද විශේෂත්වයකි.

භූතානය සමරිසිභාවය පිළිබඳ සිය ප්‍රගතිශීලි චින්තනය පළමු වරට ප්‍රදර්ශනය කරනු ලැබුවේ 2019 ජූනි 07 දින එරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කමිටුව විසින් සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමට දණ්ඩ නීති සංග්‍රහයේ 213 / 214 වගන්ති ඉවත් කිරීමට ඡන්දයක් පැවැත්වීම හරහා යි.

එම වසරේ ජූනි 10 වන දින මෙම යෝජනාව අනුමත කරමින් එරට ජාතික සභාව විසින් අනුමැතිය ලබා දෙමින් ඡන්දය ප්‍රකාශ විණි.

මෙම වසරේ එරට පහළ පාර්ලිමේන්තුව විසින් ද මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හරහා සමරිසිභාවය නිර්සාපරාධීකරණය වීම නීතියක් බවට සම්පාදනය වනු ඇති.

මේ වන විට දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින හා ශ්‍රී ලංකාව තුළ සමරිසිභාවය සාපරාධී වරදක් ලෙස සලකනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි