×

යුධ උමතුවේ යාවත්කාලීනය: ඔන්න ඔහේ මේකත් ගන්න, බයිඩන් සීයාගෙන් සෙලෙන්ස්කි බබාට තවත් ඩොලර් මි. 800ක්!

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක "අතිරේක" යුධ ආධාර පැකේජයක් යුක්රේනයට ලබාදීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


මෙම ආධාරය බොහෝ දුරට අද (19) දින ඇතුළත යුක්රේනයට ලැබීමට ඉඩ තිබෙන බවට සඳහන්.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙම ආධාර යුක්රේනයට ලබා දෙන්නේ, ඔහු සතු ජනාධිපති යුධ අධිකාරී බලය (Presidential Drawdown Authority) භාවිතා කරමින් වන අතර, එමඟින් එක්සත් ජනපදයේ යුධ උපකරණ තොග වල තිබෙන අතිරික්ත යුධ උපකරණ වෙනත් රටකට යැවීමට ඔහුට අවසර ලැබේ.‍

ඉහත කී යුධ ආධාරය ද සමඟ එක්සත් ජනපදය විසින් යුක්රේනයට ලබා දී ඇති සමස්ත යුධ ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 09 ඉක්මවා ඇති බව සඳහන්.

මීට ඉහත බයිඩන් ජනපතිවරයා විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 01 ක යුධ ආධාරයක් ලබා දුන් අතර, එය එක්සත් ජනපදය විසින් යුක්රේනයට ලබා දුන් විශාලතම තනි ආධාර පැකේජය විය.

ඡායාරූප: සීඑන්එන්

මිසයිල ඇරගනිමු, වෙඩි තියාගනිමු, ජීවිතය ජයගනිමු – බයිඩන් සීයාගෙන් සෙලෙන්ස්කි බබාට තවත් ඩොලර් බිලියනයක යුධ ආධාර!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි