×

බයිඩන් හා මැකාති එක්සත් ජනපද ණය සීමාව ඉහල නැංවීම සඳහා තාවකාලික ගිවිසුමකට එළඹේ

නමුත් මෙම ගිවිසුම බලාත්මක කිරමට කොංග්‍රසයේ හා සෙනෙට් මණ්ඩලයේම සහය අවශ්‍ය වනු ඇත.


ඇමරිකා එක්සත් ජනපදයට ජූනි 5 වන විට ණය ගෙවීමට මුදල් නොමැතිවීම සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය වීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සභා කථානායක කෙවින් මැකාර්ති විසින් ෆෙඩරල් ආන්ඩුවේ ඩොලර් ට්‍රිලියන 3.4 ක ණය සීමාව දිනෙන් දින ඉහළ නැංවීම සඳහා තාවකාලික ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් කථානායකවරයා විනාඩි 90ක දුරකථන ඇමතුමකින් පසු ප්‍රතිපත්තිමය එකඟතාවයකට එක්ව ඇති අතර මෙම ගිවිසුම මඟින් වියදම් සීමා කරමින් වසර දෙකක් සඳහා ණය සීමාව ඉහළ දමනු ඇත.

නමුත් මෙම ගිවිසුම බලාත්මක කිරමට කොංග්‍රසයේ හා සෙනෙට් මණ්ඩලයේම සහය අවශ්‍ය වනු ඇත.

ජනාධිපතිවරයා ගිවිසුම හැඳින්වූයේ මෙමඟින් ව්‍යසනකාරී පැහැර හැරීමකින් විය හැකි දේ වළක්වන නිසාත්, ආර්ථික අවපාතයකට, විශ්‍රාම ගිණුම් විනාශයටත්, මිලියන සංඛ්‍යාත රැකියා අහිමි වීමට තිබූ ඉඩ කඩ අහිමිවීම ඇමරිකානු ජනතාවට ශුභ ආරංචියක් වශයෙනි. මැකාති මෙහිදි සඳහන් කර තිබුණේ මෙය ප්‍රතිපත්තිමය වශයෙන් ඇමරිකානු ජනතාවට සුදුසු ගිවිසුමක් බව විශ්වාස කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි