×

බර්නි සැන්ඩර්ස් ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ඩොලර් මිලයන 46යි, ජෝ බිඩෙන් මිලියන 13යි!

මේ අනුව අවම වියදමක් යටතේ බිඩෙන් ගේ පෙබරවාරි මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇත.


ඇමරිකාවේ 2020 ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බිඩෙන් පෙබරවාරි මස තුළ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා ගත කර ඇති මුළු මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 13.1 ලෙස සටහන් වේ.

එය එම මස තුලදී ම ඩිමොක්‍රටික් අපේක්ෂක බර්නි සැන්ඩර්ස් විසින් වැය කර ඇති මුදලෙන් තුනෙන් එකක් පමණ බව සඳහන් වේ.

බර්නි සැන්ඩර්ස් පෙබරවාරි මස තුළ වියදම් කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 45.8 ලෙස සටහන් වේ.

මේ අනුව අවම වියදමක් යටතේ බිඩෙන් ගේ පෙබරවාරි මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වී ඇති අතර, බහුතර මහජන ප්‍රසාදයක් දිනා ගෙන ඇති බවද පෙනී යයි.

ඇමරිකානු ජනාධිපතිවරණය තුළ දෙවන වරටත් තරඟ වදින රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බිඩෙන් පෙරමුණ ගෙන ඇති බවක් දක්නට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි