×

ට්‍රම්ප් පැනවූ ග්‍රීන් කාඩ් තහනම ඉවතට!

වත්මන් ජනපති බයිඩන් මෙම තහනම ඉවත් කරමින් අවධාරණය කර සිටියේ එමඟින් ඇමරිකානු ව්‍යාපාර වලට සිදුවූ හානිය මෙන්ම එක්සත් ජනපදයේ ජීවත් වන පවුල් වලට තම සාමාජිකයින් සමඟ හමුවීමට තිබූ අවස්ථාව ගිලිහී යාම සුළුපටු නොවූ බවයි. 


එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ ග්‍රීන් කාඩ් තහනම අහෝසි කිරීමට එරට වත්මන් ජනපති ජෝ බයිඩන් කටයුතු කර තිබේ.

ට්‍රම්ප් විසින් මෙම ග්‍රීන් කාඩ් තහනම පනවන ලද්දේ පසුගිය වසරෙදීයි.

කොවිඩ් වසංගතය මධ්‍යයේ මතුව ඇති රැකියා වියුක්තභාවයෙන් ඇමරිකානු වෘත්තිකයන් ආරක්ෂා කිරීම සඳහා ඔහු මේ පියවර ගත් බව ට්‍රම්ප් පවසා තිබිණි.

මෙම තහනම තුළින් ග්‍රීන් කාඩ්පත් අයදුම්කරුවන් හට එක්සත් ජනපදයට ඇතුල් වීම අවහිර කර තිබිණි.

කෙසේවෙතත්, වත්මන් ජනපති බයිඩන් මෙම තහනම ඉවත් කරමින් අවධාරණය කර සිටියේ එමඟින් ඇමරිකානු ව්‍යාපාර වලට සිදුවූ හානිය මෙන්ම එක්සත් ජනපදයේ ජීවත් වන පවුල් වලට තම සාමාජිකයින් සමඟ හමුවීමට තිබූ අවස්ථාව ගිලිහී යාම සුළුපටු නොවූ බවයි.

මීට ඉහත දී සංක්‍රමණික ප්‍රජා ක්‍රියාකාරීන් හඬනඟමින් ඉල්ලා සිටියේ ට්‍රම්ප් පැනවූ ග්‍රීන් කාඩ් තහනම ඉවත් කිරීමට වත්මන් රජය වහා කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඔවුනට දැන් යහපත් ප්‍රතිචාර බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික රජයෙන් ලැබී තිබේ.

පසුගිය ඔක්තෝබර් මස කැලිෆෝනියාවේ ෆෙඩරල් විනිසුරුවරයකු හිටපු ජනපති ට්‍රම්ප් විසින් ආගන්තුක විදෙස් ශ්‍රමිකයන් හට පනවා තිබූ තහනමක් ඉවත් කිරීමට කටයුතු කළේය.

ඒ, එම තහනම මඟින් ඇමරිකාවේ ව්‍යාපාර ලක්ෂ ගණනකට බලෑපෑම් එල්ල කර තිබූ බැවිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි