×

ඉදිරි පැය 36 ඇතුළත කාබුල් ගුවන් තොටුපොළට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්!

ඉදිරි පැය 24-36 අතර කාලය තුළ කාබුල් ගුවන් තොටුපොළ වෙතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.


ඔහු පවසන්නේ විශ්වාසනීය තොරතුරු ඒ සම්බන්ධයෙන් ලැබී ඇති බවයි.

මීට පෙර ප්‍රහාරය සම්බන්ධයෙන් ද බයිඩන් ජනාධිපතිවරයා මෙවැනිම ප්‍රකාශයක් සිදුකර තිබූ අතර, එහිදී ඔහු පැවසූ කාල සීමාව ඉක්ම ගොස් පැය කිහිපයක් ඇතුළත මරාගෙන මැරෙන බෝම්බය පිපිරී ගියේය.

කාබුල් නුවර පිහිටා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ද ආරක්ෂක අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

‘‘නිශ්චිත සහ විශ්වාසය තැබිය හැකි තර්ජනයක් පිළිබඳ අනාවරණය වී ඇති නිසා ගුවන් තොටුපොළේ දකුණු ගේට්ටුව, නව ස්වදේශීය අමාත්‍යාංශය අසල පරිශ්‍රය සහ පන්ජ්ෂීර් ඉන්ධන හල සීමාවේ තිබෙන නිරිත දිග සීමාව අසලින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව‘ට ද ඇමරිකාව විසින් නිකුත් කර ඇති එම අනතුරු ඇඟවීමේ දැක්වේ.

ඊයේ දිනයේ නන්ගහාර් පළාතේ හඳුනාගත් ISIS-K ඉලක්කයක් වෙත ද්‍රෝන ප්‍රහාරයක් ඇමරිකාව විසින් එල්ල කළේ ඇමරිකානු භටයන් 13 ක් ඇතුළුව 170 කට වැඩි පිරිසක් ISIS-K ප්‍රහාරයෙන් මිය යාමට එකට එක කිරීමක් ලෙස ය. එහිදී දෙදෙනෙක් මිය ගොස් ඇති අතර, මෙය අවසන් ප්‍රහාරය නොවන බව ද බයිඩන් පවසයි.

ඒ අනුව මෙවර ප්‍රහාරය එයට ප්‍රතිචාරයක් වශයෙන් සිදුවනු ඇත.

මේ අතර කාබුල් ගුවන්තොටුපොළේ ගළවා ගැනීමේ මෙහෙයුම් තවමත් අවසන්ව නැති අතර, එය පවතින්නේ අවසන් අදියරේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි