×

Covid-19 වසංගතය එක්සත් ජනපදයේ ‘අවසන්’ -ජෝ බයිඩන්

වසංගතය ආරම්භයේ සිට ලොව පුරා මිලියන 6.5 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. වැඩිම මරණ සංඛ්‍යාව එක්සත් ජනපදයේ වන අතර ඉන්දියාව සහ බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව ඇත.


Covid-19 වසංගතයෙන් මිය යන ඇමරිකානුවන් සංඛ්‍යාව මෙන්ම ආසාධිත සංඛ්‍යාව දෛනිකවව ඉහළ යමින් තිබියදී පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ovid-19 වසංගතය එක්සත් ජනපදයේ ‘අවසන්’ බවයි.

එක්සත් ජනපදයේ මුළු ජනගහනයෙන් 65% ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇතිමුත් නිල සංඛ්‍යාලේඛණ දත්තයන්ට අනුව සාමාන්‍යයෙන් ඇමරිකානුවන් 400 කට අධික සංඛ්‍යාවක් දිනකට වෛරසයෙන් මිය යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා පසුගිය සතියේ කියා සිටියේ වසංගතයේ අවසානය “පෙනෙමින් පවතින” බවයි.


එක්සත් ජනපද නිලධාරීන් විසින් 2020 ජනවාරි සිට ක්‍රියාත්මක වන Covid-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව 2022 ඔක්තෝබර් 13 දක්වා දීර්ඝ කරන ලදී. ඒ අනුව අද වන විට, වසංගතයෙන් ඇමරිකානුවන් මිලියනයකට වඩා මිය ගොස් ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පෙන්වා දෙන්නේ දැනට දින හතක සාමාන්‍ය මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ඇති අතර පසුගිය සතියේ 3,000 කට වඩා මිය ගිය බවයි.


කෙසේ නමුත් Covid-19 වසංගතය හේතුවෙන් එක්සත් ජනපදයේ ආර්ථිකයට වන ලද පාඩුව සුළුපටු නොවේ. පසුගිය සතියේ ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශය වාර්තා කළේ Covid ආශ්‍රිත රෝග එක්සත් ජනපද ශ්‍රම බලකාය ආසන්න වශයෙන් 500,000 කින් කපා හැර ඇති බවයි.

වසංගතය ආරම්භයේ සිට ලොව පුරා මිලියන 6.5 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. වැඩිම මරණ සංඛ්‍යාව එක්සත් ජනපදයේ වන අතර ඉන්දියාව සහ බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව ඇත.

සශිකලා මධුෂාණි_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි