මීට අදාළ අවසාන තීරණයක් ගනු ලබන්නේ, සවුදි අරාබිය යෙමනයේ පවතින යුධමය තත්ත්වය අවාසාන කිරීමට පියවර ගන්නේ නම් පමණක් බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඉකුත් මාස කිහිපය පුරාවටම සවුදි අරාබියේ රියාද් නුවර සහ එක්සත් ජනපදයේ වොෂිංටනයේ පැවති විවිධ සාකච්ඡාවලදී මෙම අවි අලෙවි සම්බාධක ඉවත්කරන මෙන් සවුදි ආරාබි පාර්ශවයෙන් ඉල්ලීම් සිදුවූ බව ද එම පුවත් සේවය අනාවරණය කරයි.
මේ අතර, එළඹි සතියේ එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊශ්‍රායලය, සවුදි අරාබිය ඇතුළු මැදපෙරදිග රාජ්‍යයන්හි නිල සංචාරයක නිරත වීමට සූදානම් බව ද වාර්තා වේ.
ඉරානයට එරෙහිව සටන් කිරීම සඳහා ඊශ්‍රායලය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමටත්, ගල්ෆ් කලාපයේ තෙල් සැපයුම වැඩි කර ගැනීමට සවුදි අරාබියේ සහාය පැතීමටත් බයිඩන් ජනාධිපතිවරයා එම කලාපයේ සංචාරයක නිරත වීමට සූදානම් වේ.
මෙම ගමන තුළ සවුදි අරාබියේ සහාය ලබා ගැනීම සඳහා උක්ත අවි අලෙවි තහනම ලිහිල් කිරීමට බයිඩන් ජනාධිපතිවරයා විසින් යම් ඉඟි කිරීමක් සිදුකර ඇති බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ.
එක්සත් ජනපද රජය 2021 පෙබරවාරියේ දී යෙමනයට ප්‍රහාර දියත් කිරීමට එරෙහිව සවුදි හමුදා වලට අවි අලෙවිය තහනම් කරන ලදී.
සවුදි අරාබිය යනු එක්සත් ජනපද අවි අලෙවියේ විශාලතම පාරිභෝගිකයායි.