×

ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ට විශිෂ්ඨ ජයක්!

ඒ අනුව ඇමරිකාවේ 46 වන ජනාධිපති ලෙස ජෝ බයිඩන් මහතා තේරී පත්වීමට නියමිතය.


ඇමරිකා එක්සත් ජනපද 2020 ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මහතා විශිෂ්ඨ ජයක් හිමිකර ගෙන තිබේ.

ඒ අනුව ඇමරිකාවේ 46 වන ජනාධිපති ලෙස ජෝ බයිඩන් මහතා තේරී පත්වීමට නියමිතය.

බයිඩන් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තුළ ඔහු මීට ඉහත 2008 වර්ෂයේදී බැරැක් ඔබාමාගේ වාර්තා ගත ඡන්ද සංඛ්‍යාව පවා අභිබවා යාමට සමත් ව තිබේ.

ඒ අනුව බයිඩන් ගේ ජයග්‍රහණයත් සමඟ ඇමරිකානු ධවල මන්දිරයට තේරී පත් වූ වයස්ගතම පුද්ගලයා බවට ඔහු පත්වේ. පළමු කාන්තා උප ජනාධිපතිනිය වූ කමලා හැරිස් ද සමඟ බහු ජනවාර්ගික උරුමය ද සනිහටුහන් කරමින් බයිඩන් ධවල මන්දිරයට සම්ප්‍රාප්ත වීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි