×

සය මසක් තුළ ලෝකය පුරා මිලියන 30ක් මරා දමන වසංගතයක් – බිල් ගේට්ස්

ඉදිරයේදී පැමිණෙන්නට නියමිත යුද්ධයක් ලෙස සිතා ලෝකයම ඊට සූදානම් විය යුතුයි


ෙඉදිරියේදී පැමිණීමට නියමිත මාරාන්තික වසංගතයක් හේතුවෙන් ලොකය පුරා මිලියන 30ක් පුද්ගලයින් සංඛ්‍යාවක් මියයන්නට නියමිත බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල් ගේට්ස් පවසයි.

අප සූදානම් විය යුතුයි..

ඔහු පවසන පරිද්දෙන් 1918 වසරේදී ලෝකය මුහුණු දුන් ඉන්ෆ්ලුවෙන්සා වසංගත රෝගය මෙන්ම ඉදිරියේදී ලෝකය ගිලගන්නට නියමිත මෙම වසංගතය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින් මිලියන 30ක් මරා දමණු ඇත. ඔහු පවසන්නේ එය පෙර පරිදි උණ රෝගයක් නොවිය හැකි බවත් අප බෙහෝ දුරට අප මෙතෙක් දැක නොමැති වසංගත රෝගයක් විය හැකි බවත්ය.

 ඉදිරියේදී පැමිණෙන්නට නියමිත යුද්ධයක් ලෙස සිතා ලෝකයම ඊට සූදානම් විය යුතු යැයි බිල් ගේට්ස් පවසයි.

මෙම රෝග තත්ත්වය ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිර යනු ඇත. මෙය ඉතා අසන්න වශයෙන් මීළඟ දශකය තුළ මුහුණ දෙන්නට සිදු වනු ඇති බැව් ඔහුගේ මතයයි. ලෝකයේ ජනගහනය වැඩි වත්ම කුමන රෝග කාරකයක් විසින් යම් වසංගත තත්ත්වයක් ඇති කරමින් විශාල ජන සංඛ්‍යාවක් එමගින් මිය යෑම ලෝක ඉතිහාසයේ නැවත නැවත සිදු වන්නක් බව ඔහු පවසයි. එමෙන්ම අද වන විට ලෝකයේ විවිධ රටවල් සහ විවිධ සංවිධාන විසින් සිය සතුරන්ට විරුද්ධව ආයුධ ලෙස විවිධ රෝග නිර්මාණය කරන අතර ඒවා සුළු ජනකොටසක් එල්ල කර ගත්තද ඉදිරියේද ලෝකය පුරා එවැනි රෝග සීග්‍රයෙන් පැතිරී යනු ඇත. බිල් ගේට්ස් පවසන පරිදි මෑත කාලීනව ලෝකය පුරා ලැව්ගිනි පැතිරෙමින් පවතින්නේ කෙසේද ඒ අයුරින්ම මෙවැනි වසංගත ලෝකයේ පැතිරෙන බවයි.

ගේට්ස් ට අනුව ඉතා කුඩා තම හෝ රටකට අයත් නොව යම් සංවිධානයක් විසින් පරීක්ෂණාගාරයක් තුළ නිර්මාණය කරනු ලබන රෝගකාරකයක් විසින් මෙවැනි මාරාන්තික රෝගයක මූලාරම්භය විය හැකි බවයි. ලෝකය මේ වන විට සෑම අයෙක්ම මෙනයම් හෝ ආකාරයකින් එකිනෙකට සම්බන්ධ විය හැකිය. රටකින් රටකට , නගරයකින් නගරයකට ඔවන් සෑම විටම සංචාරය කරයි රෝය ලෝකය පුරා පැතිර යෑමටට ප්‍රධානම හේතුව වන්නේ මෙයයි.

බොහෝ දුරට මෙම රෝග තත්ත්වය වසූරිය රෝග තත්ත්වයට සමාන රෝගයක් විය හැකිය .වසූරිය ලෝකය පුරා ඇමරිකා එක්සත් ජනපදයේ අවසන් වතාවට විශාල ජන සංඛ්‍යාවක් මිය ගිය අතර ඉන් පසු ලෝකය පුරා එය පැතිර යන ලදී. නමුත් මේ වන විට මෙම රෝග තත්ත්වය සම්පූර්ණයෙන් මුලිනුපුටා දමන්නට ලෝකයට හැකියාව ලැබිණි.

බිල් ගේට්ස් පවසන්නේ මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ලෝකය ඉතා යුහුසුළුව සහ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. එමෙන්ම මේ සදහා අවශ්‍ය මූලික පියවර ගැනීම සදහා බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 12ක මුදලක් වෙන් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි