×

නාගරිකයන්ගේ හදවත් වල බිලියන ගණනින් දූෂිත වායු අංශු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් ට අනුව ලෝකයේ සමස්ත ජනගහණයෙන් 90% ක් දෙනා ජීවත් වන්නේ දූෂිත වාතය ට අනාවරණය වෙමිනි.


නාගරික ජනතාවගේ හදවත් වල බිලියන ගණනින් දූෂිත වායු අංශු පවතින බව නවතම පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.

විශේෂයෙන් ම ඉතා අඩු වයස් වල දරුවන්ගේ හදවත් පවා මෙසේ දූෂිත වායු අංශු වලින් පිරී ඇති බව මෙමගින් හෙළි වී තිබේ. මෙම ඉතා කුඩා වායු කොටස් හදවත සහ රුධිරය සංසරණය වීමේදී සිරුරේ අනෙකුත් අංශ වලටද හානි කරවන බව ද මෙම පර්යේෂණය සදහන් කරයි. මෙසේ ශරීරගත වන දූෂිත වායු අංශු වල වාහන සහ කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමේදී මුදා හරින යකඩ අංශු වැඩි වශයෙන් පවතින බවටද පවසන පර්යේෂණ කණ්ඩායම වර්තමානයේ වායු දූෂණය ට සාපේක්ෂව පුද්ගල හදවත් රෝග වැඩි වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය කරනු ලබයි.

මින් පෙරද 2016 වසරේ මහාචාර්ය මහේර් ඇතුලු මෙම පර්යේෂණ කණ්ඩායම විසින්ම අනාවරණය කර ගනු ලැබුවේ ඇල්සයිමර් රෝගය සදහා වායු දූෂණය බලපාන බවයි.

පර්යේෂණය මෙහෙය වන ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බාබරා මහේර් පවසන අන්දමට මෙම පර්යේෂණ අධ්‍යයනය මගින් ලගා කර ගත් නිගමන විසින් අද සමාජයේ වායු දූෂණය මිනිසාට කර ඇති බලපෑම ඉතා භයානක අවධානම් සහිත මට්ටමක පවතී. ඉතාම කුඩා (නැනෝ) දුෂීත කොටස් මේ ආකාරයෙන් ශරීර ගත වීම තුළ ඉතා බරපතල සෞඛ්‍ය අර්බුදයක් උද්ගත කරනු ඇති අතර මේ සදහා වායු දූෂණය අවම කිරීමේ ඉක්මන් විසදුමක් ලොව පුරා සියලු රටවලට අවහ්‍ය බව ඔවුන් යෝජනා කරයි.

ගෝලීය වශයෙන් මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් ට අනුව ලෝකයේ සමස්ත ජනගහණයෙන් 90% ක් දෙනා ජීවත් වන්නේ දූෂිත වාතය ට අනාවරණය වෙමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි