×

බර්මිංහැම් හි LGBTIQ ප්‍රජාව ජීවත් වන්නේ බියෙන්, පොලීසිය පවසයි

ලිබරල්වාදී නගරයක් ලෙස බර්මිංහැම් නගරය හඳුනා ගෙන තිබුණද, LGBTIQ ප්‍රජාව පිළිබඳ ප්‍රදේශවාසීන් දරන ආකල්ප තවමත් මතභේදාත්මක බව වාර්තා වේ.


බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නගරයේ වසන ඇතැම් LGBTIQ ප්‍රජා තවමත් ජීවත් වන්නේ බියෙන් හා සැකයෙන් බව එම නගරයේ පොලීසිය පවසයි.

බටහිර මිඩ්ලන්ඩ් හි පොලිසියේ වෛරීඅපරාධ අංශයේ සම්බන්ධීකාරක අනතුරු අඟවා සිටියේ බර්මිංහැම් හි ගේ විලේජ් (Gay Village) නම් කලාපය නිවාස සංවර්ධන කටයුතු සැලැස්මකට අනුයුක්ත කිරීමත් සමඟ එම කලාපයේ සමරිසි භීතිකාව (homophobia) මත පදනම් වූ අපරාධ වැඩිවෙමින් පවතින බවත්, එමඟින් LGBTIQ ප්‍රජාවට ආරක්ෂා සහිතව ජීවත්වීමේ අවස්ථාවන් සීඝ්‍රෙයන් පහත වැටෙමින් පවතින බවත් ය.

ලිබරල්වාදී නගරයක් ලෙස බර්මිංහැම් නගරය හඳුනා ගෙන තිබුණද, LGBTIQ ප්‍රජාව පිළිබඳ ප්‍රදේශවාසීන් දරන ආකල්ප තවමත් මතභේදාත්මක බවත්, එම නගරයේ (මධ්‍යම කලාපය ද ඇතුළුව) පවුල් ජීවිත ගත කරන සමරිසි යුවල් බියෙන් හා සැකෙන් ජීවත් වන බවටත් ඔහු පෙන්වා දෙයි.

බටහිර මිඩ්ලන්ඩ් හි පොලිසියේ වෛරීඅපරාධ අංශයේ සම්බන්ධීකාරක මෙම කරුණු පෙන්වා දුන්නේ බර්මිංහැම් නගර සභාවේ සැලසුම් කමිටුව අමතමිනි.

“LGBTIQ පුද්ගලයින්ට එරෙහි වෛරී අපරාධ වාර්ශිකව ඉහල යාමක් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන් ම මෙම තත්ත්වය උත්සන්න වූයේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණාංශික ක්‍රියාකාරකම් වැඩිවීමත් සමඟයි,” ඔහු සභාව අමතමින් පැවසීය.

බටහිර මිඩ්ලන්ඩ්ස් හි සමරිසි භීතික අපරාධ සය මසක් තුළ පැවති තත්ත්වයට වඩා දෙගුණ වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි