×

ROCK ට BTS අභියෝගයක් වේ ද?

ඉතින් කොමික් ලෝකයේ වීරවරුන්ට BTS වැනි K-pop සංගීත කණ්ඩායමක් මෙසේ අභියෝගයක් වේ ද?


බ්ලැක් ඇඩම්(Black Adam) යනු ඒ නම ඇසුන සැනින්ම මතකයට එන DC Comics චරිත මත පදනම් වූ 2022 ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයකි. DC Extended Universe(DCEU) හි 11 වන සිනමා සිත්තම මෙය වීම ද විශේෂත්වයකි. Jaume Collet-Serra විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ (Aldis Hodge, Noah Centineo, Sarah Shahi, Marwan Kenzari, Quintessa Swindell, Bodhi Sabongui, Bodhi Sabongui) යන අය සමඟින් නාමික ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඩ්වේන් ජොන්සන් (Dwayne Johnson) ය.

ඡායාරූප; bleeding cool
ඡායාරූප; DC extended universe wiki

මෙම සිනමාංගයෙහි මංගල දර්ශනය මෙම වසරේ ඉකුත් ඔක්තෝබර් 03 වන දින මෙක්සිකෝවේ දී පැවැත්විය. මෙය ඔක්තෝබර් 21 (හෙට) දිනයේ දී එක්සත් ජනපදයෙහි දී එළිදැක්වීමට නියමිතයි.

හිටපු මල්ලවපොර ක්‍රීඩක (WWE) සහ සුපිරි නළු ජොන්සන් නොහොත් රොක් (Rock) මෙහි බ්ලැක් ඇඩම් ( Black Adam) ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අති ප්‍රබල භූමිකාවක් ප්‍රේක්ෂකයාට ලබා දීමට ය. මෙම ත්‍රාසය, භීතිය, කුතුහලය සහ සටන් ජවනිකාවන්ගෙන් පිරුණු සිනමා සිත්තම සුපිරි වීරයන් රැගත් විශ්වය තුළ තම සන්නාමය සනිටුහන් කරනවා නොඅනුමාන ය.

ඡායාරූප; printerest
ඡායාරූප; Lifehacker Australia

නමුත් රොක් පවසන පරිදි එය සුපිරි වීරවරයන්ට අභියෝගයක් ගෙන දුන්න ද ඔහුට අභියෝගයක් විය හැකි පිරිසක් සිටින බවට සැක පළ කළහ. එය වෙන කවුරුත් නොව ලෝකප්‍රකට BTS සංගීත කණ්ඩායම බව ඔහු පැවසුවේ ය.

ඡායාරූප; BBC

මෑතකදී “Culture N Star” සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්න අතර මෙම Black Adam ට අභියෝගයක් වීමට BTS ලාට හැකි වේ ද? යන පැනයට ඔහු පිළිතුරු ලබා දුන්නේ ය.

BTS බ්ලැක් ඇඩම්ව පරාජය කරන්නේ කෙසේදැයි අසන පැනයට පිළිතුරු වශයෙන් රොක් පැවසූයේ Jin, Suga, RM, J-Hope, Jimin, V සහ Jungkook යන අයගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම මේ වනවිට ඔවුන්ගේ ඇල්බමයන් මිලියන 30ක් පමණ විකුණා තිබීමත්, ඔවුන්ටම කියා ප්‍රේක්ෂක හමුදාවක්( BTS Army) සිටීමත් බ්ලැක් ඇඩම්ට අභියෝගයක් වන බවයි.

ඡායාරූප; Times Of India
ඡායාරූප;The hans india

BTS ලා කෙරෙහි තම ආදරය දක්වන එකම සුපිරි වීර චරිතය රොක් පමණක් නොවේ. එයට සුපිරි මල්ලවපොර ශූරී (WWE Champion) ජෝන් සීනා(John Cena) ද ඇතුළත් ය. ඔහු ද මෑතකදී ඒ පිළිබඳ අදහස් දක්වා තිබුනේ ය.

ඉතින් කොමික් ලෝකයේ වීරවරුන්ට BTS වැනි K-pop සංගීත කණ්ඩායමක් මෙසේ අභියෝගයක් වේ ද?

නිපුනි ලියනගේ

ඡායාරූප; pinkvilla


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි