×

කී බෝඩ් රසිකයන් සඳහා වූ ලෝකයේ සුපිරිම ජංගම දුරකථනය – BlackBerry Key2 – බ්ලැක්බෙරි කී 2

සාමාන්‍යෙයන් මේ වන විට කී බෝඩ් එකක් සහිත ස්මාට් වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොළේ සොයාගන්නට නැති තරම්.


ජංගම දුරකථන භාවිතයේදී අපි කොයි තරම් ටච් ස්ක්‍රීන් එහෙමත් නැතිනම් ස්පර්ශ තිරයට ඇබ්බැහි වුණත්, කී බෝඩ් සහිත ජංගම දුරකථනය කොයි තරම් නම් සරල ද, පහසු ද කියා අපට හිතෙන අවස්ථා අනන්තයි. ඒ වගේම, ස්පර්ශ තිර සහිත ජංගම දුරකථන සුලබ වීම, කී බෝඩ් හෙවත් යතුරු පුවරු සහිත ජංගම දුරකථන භාවිතයට ප්‍රිය කරන අයට සිදුවුණු දැවැන්ත අසාධාරණයක් බවටත් මතයක් තිබෙනවා.

ස්පර්ශ තිරයේ දිස්වන වර්චුවල් කී බෝඩ් එක වෙනුවට ෆිසිකල් කී බෝඩ් එකට ඇබ්බැහි වුණු, එහෙමත් නැතිනම් එයට වඩා කැමති අයට කියන්නේ Physical keyboard devotees කියලයි. ඔවුන්ට ස්පර්ශ තිර සහිත ජංගම දුරකථනවල කොයිතරම් ඉහළ තාක්ෂණයක් තිබුණත්, යතුරු පුවරුව භෞතිකව නැති නිසා එය හසුරුවන්ට එතරම් කැමැත්තක් ඇති වන්නේ නැහැ.   

බ්ලැක්බෙරි කියන්නේ කලක් ධනවතුන්ගේ පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකුණු උපාංග කාණ්ඩයක වාණිජ නාමය. සැම්සුන් සහ ඇපල් වැනි සමාගම්වලින් එල්ල වූ දැඩි තරගකාරිත්වය හමුවේ ඔවුන් 2016 වසරේදී ස්මාට් ෆෝන් වෙළඳපොළෙන් තරමක් දුරකට ඈත් වන්නට තීරණය කළා. ඒ වෙනුවට ඔවුන් නැඹුරු වුණේ security software එහෙමත් නැතිනම් ආරක්ෂක මෘදුකාංග නිෂ්පාදනයටයි. නමුත් ඔවුන් කිසිම අවස්ථාවක ස්මාට් ෆෝන් වෙළඳපොළෙන් සමුගන්නට සූදානම් නැහැ.

බ්ලැක්බෙරි කී වන්

ඔවුන් මීට වසරකට පමණ ඉහතදී KeyOne කියන අලුත්ම බ්ලැක්බෙරි මාදිලිය හඳුන්වා දුන්නා. මේ අනුව Key2 තමයි, එහි වැඩිදියුණු කළ මාදිලිය.  

Blackberry Key2

Blackberry Key2

BlackBerry Key2 විශේෂ ලක්ෂණ මෙන්න.

  • මැට් නිමාවකින් යුත් යතුරු. අලුත් ෂෝට් කට් කී එකකුත් මෙවර ඔවුන් හඳුන්වා දී තිබෙනවා.
  • Snapdragon 660 වර්ගයේ ප්‍රොෙසසරයට ඔබට ගිගාබයිට් 6 ක රැම් එකක් සවිකරගන්න පුළුවන්.
  • අඩු ආලෝක තත්වයේදී පවා පැහැදිලි රූප මවන ද්විත්ව කැමරාව

Highlights

  • Keyboard has bigger keys with matte finish, and there’s a new shortcut key.
  • Snapdragon 660 processor isn’t the fastest, but you get a robust 6GB of RAM.
  • Dual cameras deliver optical zoom and portrait mode, and promise better low-light shots.
  • On sale this summer — $649 price is $100 more than original KeyOne.

මෙහිදී ද්විත්ව කැමරාව ගැන විශේෂයෙන් කතා කළ යුත්තේ, බ්ලැක්බෙරි පවුලේ ජංගම දුරකථනවලට ද්විත්ව කැමරාවක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන නිසයි.  Portrait Mode, optical zoom සහ කැමරාව තුළටම සවිකර තිබෙන ගූගල් කාච (built-in Google Lens) වලින් මෙය සමන්විතයි. මෙගා පික්සෙල් 12 සෙන්සර්ස් දෙකක් මෙහි තිබෙනවා. එයින් එකක aperture එක, f/1.8. දෙවැනි කාචයේ ඇපෙචර් එක, එහෙමත් නැතිනම් නාභි බලය f/2.6ක්.  කැමරා විෂය ගැන උනන්දු වන අය, කාචයක නාභි බලය හොඳ ඡායාරූපයකට කොයි තරම් නම් වැදගත් ද කියන කාරණය හොඳින්ම දන්නවා.

Blackberry Key2

තව මාස කිහිපයකින් ඩොලර් 649 මිලක් සහිතව Key2 වෙළඳපොළට පැමිණීමට නියමිතයි. එය කී වන් මාදිලියට වඩා ඩොලර් 100 ක මිල වැඩිවීමක්. ඩොලර් 649 ක් කියන්නේ, ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්ෂයකටත් අධිකයි. නමුත් කී බෝඩ්වලට ප්‍රිය කරන ධනපතියන්ට නම්, ඇපල් අයි ෆෝනයක් මිලදී ගැනීම වෙනුවට මේ විකල්පයට කැමැත්තෙන්ම යොමු වෙන්න පුළුවන්. මොකද, බ්ලැක්බෙරි කී ටූ එකක මිලත්,  iPhone 8 උපාංගයේ මිලත් බොහෝ දුරට සමාන නිසයි.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි